May 02, 2024
Main

Main (651)

සමඟි ජනබලවේගය සම්බන්ධයෙන්, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සිදුකෙරුණු සාකච්ඡා පිළිබඳව තමා මහත් කලකිරීමෙන් සිටින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වෘත්තීයවේදියෙක් ලෙස තමන් දේශපාලනයට පිවිසියේ රටට සේවය කිරීමේ අරමුණෙන් වුවද පක්ෂයේ මේ වන විට පවතින අර්බුද හේතුවෙන් දැඩිව කළකිරීමෙන් සිටින බවයි ඒ මහතා පැවසුවේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස සේවය කිරීමට ලැබීම ගෞරවයක් බව චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසයි.

සිය ධුර කාලය නිමා කරමින් ශ්‍රි ලංකාවෙන් නික්ම යෑමට ප්‍රථම ඊයේ (27) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථවේදී තානාපතිවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ තම ධූර කාලය තුළ අමතක නොවන සිහිවටන කිහිපයක්ම ඇති බවත් තම නව තනතුර යටතේද ශ්‍රී ලංකාවට දිය හැකි උපරිම සහාය දෙන බවත් තානාපතිවරයා පැවසී ය.

කොරෝනා වෛරසයෙන් පිඩාවට පත් චීනයට දැක්වූ සහයෝගයට  රජයටත්, ශ්‍රී ලාංකික ජනතාවටත් චෙංග් ෂියුආන් මහතා ස්තූතිය පුද කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා චීනයට පරිත්‍යාග කළ කලු තේ තොගය, දිවයින පුරා සිදු වූ ආශිර්වාද පිරිත් පිංකම් තානාපතිවරයා කෘතවේදීව සිහිපත් කළේය.

වෛරසය කඩිනමින් පාලනය කර ඇති බවත් අලුතෙන් ආසාදනය වන රෝගීන්ගේ සංඛ්‍යාව බෙහෙවින් අඩු බවත් ඔහු පැවැසීය.

තානාපතිවරයාට සුබ පැතූ ජනාධිපතිවරයා ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහයෝගය  දෙන ලෙස ඉල්ලා සිටියේය.

කොළඹ - රත්නපුර අධිවේගී මාර්ගය, සූර්ය හා සුළං බලයෙන් ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සහ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීම පිළිබඳව ජනාධිපතිවරයා තානාපතිවරයා දැනුවත් කළේය.

කොළඹ වරාය නගරයේ ආයෝජකයින් සඳහා විශේෂ පහසුකම් සලසන බව ද ජනාධිපතිවරයා පැවසීය.

 

උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 50,000 ක් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ රජයේ රැකියාවලට බඳවා ගනු ලබන අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි නිකුත් කිරීම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අධීක්ෂණය මත එක් එක් දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදු කිරීමට නියමිතය.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත් තොරතුරු ජනාධිපති කාර්යාල මගින් පරිගණක ගත කිරීමේ කටයුතු මේවනවිට ආරම්භ කර ඇති බවයි.

එම උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගැනෙන අතර ඔවුන්ට පත්වීම් ලිපි නිකුත් කිරීම සහ ඔවුන් සේවා ස්ථානවලට අනියුක්ත කිරීම දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදුකරනු ඇත.

වසරක පුහුණු කාලයකින් අනතුරුව ඔවුන් සේවය කිරීමට කැමැත්ත පළකර ඇති ග්‍රාමීය ප්‍රදේශවල, මධ්‍යම රජයට හෝ පළාත් රාජ්‍ය සේවයට අයත් ආයතන වෙත අනියුක්ත කිරීමටද රජය සැලසුම් කර ඇත.

රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 50,000 ක් රජයේ රැකියාවලට බඳවා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍යාංශ මණ්ඩලය පසුගිය දා අනුමැතිය දී තිබිණි.

පසුගිය වසරේ සිදුකරන ලද මහාමාර්ග ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ගෙවීමට නොහැකිව රුපියල් කෝටි 4381ක පමණ හිඟ බිල්පත් මහාමාර්ග අමාත්‍යාංශය සතුව පවතින බව මාර්ග හා මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට ගෙවීමට මුදල් නැතිව ගොඩගැසී ඇති බලපත් පිළිබඳව කැබිනට් මණ්ඩලයට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරමින් ඇමැතිවරයා මෙම දැනුම් දී තිබේ.

දේශීය අරමුදල් යටතේ කරන ලද ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් කෝටි 2996 ක හිඟ බිල්පත්ද, විදේශීය අරමුදල් යටතේ කරන ලද ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් කෝටි 1385 ක හිඟ බිල්පත්ද ගෙවීමට ඇතැයි එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

අමාත්‍යාංශයට පසුගිය වසරේ ලැබුණු ප්‍රතිපාදනවලින් මෙම හිඟබිල්පත් ගෙවීමට උත්සහ කළද වියදම් ප්‍රමාණය ප්‍රතිපාදන ඉක්මවා ගිය බැවින් ගෙවීමට නොහැකි වී ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දී ඇත.

 

රට දැය සමය වෙනුවෙන් කථාකරමින් සිටි පුද්ගලයින් ගොළු වෙමින් සිටින බවත් වෙනම රාජ්‍යයකට අර අදින්නවුන්ට නගර සභා පිරි නමා හදිසියේම එය තාවකාලිකව අත්හිටුවා ඇති බවත් ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරි විමල හිමියෝ පවසති.

විශේෂ ලිපියක් ලියමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.

උන්වහන්සේගේ ලිපිය

“ශ‍්‍රී ලංකාව පුරා පසුගිය වකවානුවේ සිදුවු  සිංහල බෞද්ධ විරෝධි ද්‍රෝහි ක‍්‍රියාකාරකම් අතර ජාතින් වඳ කිරීම, සංස්කෘතික විනාශය, පුරා වස්තු ඩෝසර් කිරීම හා අකා මකා දැමීම, බුදු පිළිම කඩා බිඳ දැමීම, මහා සංඝරත්නය හා රණවිරුවන්  හිරේ විලංගුවේ දැමීම, අපහාස උපහාස කිරීම,  වන සම්පත විනාශ කිරීම, ජාතික සම්පත් විදේශයන්ට විකිණීම, රටේ  ඉතිහාසය වසන්කිරීම වැනි අන්තවාදීන්ගේ ක‍්‍රියා කළාපයන් හමුවේ බහුතර ජන කොටස බලවත් සේ කම්පනයට පත් වූහ.

එය විසින්ම රටට, දැයට හිතකර පාලකයෙකු පිළිබඳ සිහිනය සැබෑ කර ගැනීමට ලැබීම ම මෙරට දේශපේ‍්‍රමීන් ලද අති මහත් ජයග‍්‍රහණයකි.

ඉතිහාසයේ ආරම්භක අවධියේ සිටි පෙර රජ දරුවන් අතර පැවති සම්ප‍්‍රදාය වූයේ මෙරට රාජ්‍යත්වයේ උරුමයට බෝසත්වරයෙකුට හැර අන් අයෙකුට හිමි කම් නොමැත්තේය යන්නයි. මෙසේ සටහන් තැබීමෙන් පෙනී යන්නේ මෙරට සිංහල බෞද්ධ රටක් බව ඓතිහාසික පිළිගැනීම බවයි.

වර්තමානයේ  මේ රටේ ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් මේ බව තහවුරු කරන ලද්දේ අනුරපුර රුවන් වැලි සෑය අභියස  දුටු ගැමුණු නරපතිඳුන් ඉදිරියේ බුදු දහම සුරක්ෂා කරන බවට සිදු කළ සපථ කිරීමෙනි.

පසුගිය වකවානුවේ යහපාලනයේ වස මුසු වීමෙන් පණ අදිමින් පැවති සිංහල බෞද්ධ ජන සමාජයට යලි ඔක්සිජන් ලැබීමෙන්  නිරුද්ධ වීමට ආසන්නව පැවති ජාතියක් ගලවා ගැනීමේ සැනසුම් සුසුම් හෙළීමට හැකි වී ඇත්තේය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ  සෞභාග්‍යයේ දැක්ම රටට සෙතක් සලසනු ඇතැයි බොහෝ අයගේ අපේක්ෂාවයි. ඔවුනට අහිමි වී ගිය උරුමයන් යළි ලබා ගැණිමේ බලාපොරොත්තු අති විශාලය. එමෙන්ම පැමිණිය හැකි අනාගත උවදුරු වළකාගත හැකි වෙතැයි ද ජනතාව සිතූහ.

ගෝඨාභය ජනපතිතුමන්ගේ චින්තනය නිවැරදිය. ගමන් මගේ ඉලක්කය  පැහැදිලිය ගැටළු සඳහා විසඳුම් ලබා දීමට සැදී පැහැදී ඇත්තේය. එහෙත් මෙහි ගමන් මග සිතන තරම් සරල නැත.

හේතුව ජරා ජීර්ණ දේශපාලනය යළි හොල්මන් කරමින් පැවතමයි. මහජන අපේක්ෂා ඉටු කරමින් රට සිංගප්පූරුවක් කළ හැකි සදාචාරාත්මක දේශපාලන දැක්මකට තවත් නම් ඉඩක් නැත්තේය. තොවිලයක් කොට යකුන් එළවා ගත හැකි වුවද රට, දැය වැනසූ රට සූරා කන දේශපාළුවන් පළවා සෞභාග්‍යයේ දැක්මට ඉඩ නොදෙනු ඇත යනු මහජනතාව තුළ පවතින කුකුසකි.

බල ලෝභීන් විසින් අන්තවාදි සුළුතරය නොමනා ලෙස පෝෂණය කොට අල්ලස් ලබා තරවීමෙන් බහුතරයට වන විපත වටහා ගත නොහැක්කේ මෙම උමතු බල කාමය නිසාවෙනි.

යළි කිසිදා උදා නොවන යුගයක් උදෙසා සටන් කොට අවසන් අපේක්ෂාව ජය ගැනීමේ යුගය උදා වී තිබුණද  එය කලි යුගයක ආරම්භය දැයි සැක සිතෙයි. බලයට පත්ව මාස 2 ගත වූවා පමණි. ජාතිය ඇමතූ අතිගරු ජනපතිතුමන්ගේ සෑම කථාවකින්ම අභිමාවත් දේශයක් නිර්මාණය කිරීමට ඇරයුම් ලැබී ඇත්තේය.

 එහෙත් කකුලෙන් අදින බලවතුන් ඉදිරියේ  පයින්ගසා නැගී සිටීමට නම් අදීන බලයක් ලබා දිය යුත්තේමය. එම අදීනත්වය කරා ගමන්කිරීමට ස්වකීයයන් විසින්ම ගමනට හරස් කපන බව ජනතාවට පෙනී යෑම තුල ඉදිරි මහ මැතිවරණයේ දී ජනතා ප‍්‍රතිචාර දුබල විය හැකි බව තේරුම් ගැනීමට තරම්  මොළයක් ඇතැමුන්ට නැති බව පෙනී යයි.

කඩු කිණිසි සොයා නිරායුධ කරනවා වෙනුවට නින්ද ගම් ලැබේ නම් සිංහලයාගේ බෞද්ධයාගේ අනාගත ඉරණම කෙසේ විය හැකිද ?

විනාශ කරමින් පැවති බෞද්ධ සිද්ධස්ථාන එලෙසමය. දහනම වන ව්‍යවස්ථා සංශෝධනයෙන් බල රහිත කළ ජනපතිට යළි ශක්තිය නෙලෙැබෙන්නේ නම් අප සියල්ලන්ගේම අපේක්ෂා භංග වනු නියතය. රටක් ජාතියක් සාසනයක් ගැන කවර කථාද

ජනාධිපතිවරණයෙන් පසු ආණ්ඩුවක් පිහිටුවීමට තමා පුද්ගලිකව එකඟ නොවූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හාරිස්පත්තුව ප්‍රෙද්ශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ , පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් ඇති වත්මන් විපක්ෂය, ජනතාව වෙනුවෙන් ගෙන එන යෝජනාවලට පවා විරුද්ධ වන බවට තමා  කල්තබා තේරුම්ගෙන සිටි බවයි. 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

"මම මේක භාරගන්න අවස්ථාවේම කිවුවා,මේක භාරගන්න එපා කියලා, ආණඩුව එයාලටම කරගෙන යන්න දෙන්න කියලා. හැබැයි වැඩිදෙනා කිව්වේ භාරගෙන අපි මේක කරමු කියලා. විපක්ෂයට වැඩි ආසන ප්‍රමාණයක් තියාගෙන ඉදිරියට යන්න බෑ කියලා අපි විශ්වාස කළා. අපි මාර්තු 1 වනදාගෙන් පස්සේ ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරවලා මහ මැතිවරණයට යා යුතුයි. වත්මන් ජනාධිපතිවරයා බොහොම සරළයි, අකුරක් අකුරක් පාසා කැබිනට් පත්‍රිකාව කියවලා ආව එකම ජනාධිපතිවරයා එතුමා තමයි කියලා මම හිතන්නේ..මාත් ජනාධිපතිකම කළානේ. වැඩ කරන්න ඕනේ කමක් තියෙන ජනාධිපතිවරයෙක් අපිට ලැබිලා තියෙනවා. අපි දුන්න නියෝගයක් ක්‍රියාත්මක කරපු රජයේ නිලධාරියෙකුට ආරක්ෂාව තියෙන්න ඕනේ. ඒ නිසා අපි අලුත් ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු වෙනවා, රාජ්‍ය නිලධාරියා සත්භාවයෙන් කරන කිසිම ක්‍රියාවකට නඩු පවරන්න බෑ කියන එකට යම් පියවරක් ගන්න."

ඉදිරි මැතිවරණය් වෙනුවෙන් ගොඩනැගෙන නව සන්ධානය සහ ලකුණ සම්බන්ධයෙන් ඇති අර්බුධය පිළිබද සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ හමුවක් හෙට (22) දින කොළඹ දී පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ඇතැම් සුළු පක්ෂ වෙන්ව තරඟ කිරීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙම රැස්වීම සූදානම් කර ඇති බව ඔවුන් පවසයි.

මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත් වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනය කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ විශාල ජනතාවක් සිටින බැවින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මහ මැතිවරණයට කුරුණෑගලින් ඉදිරිපත් වූ බවත්, ඒ අනුව මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනය කරන බවත් මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේදී එජාපයට හිමිව තිබූ ඡන්ද ප්‍රමාණය අඩු මට්ටමක පැවැති අතර එනිසා සජිත් ප්‍රේමදාස මහතාට කොළඹින් මහ මැතිවරණයට ඉදිරිපත් වන ලෙසද යෝජනා කර තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාද මෙවර මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට නියමිතය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසන්නේ ඉදිරි මහා මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අපේක්ෂා කරන බවයි.

සයින්දමරුදු වලට විතරක් නොව කල්මුණේ දෙමල ජනතාව ඉල්ලන ප්‍රාදේශීය සභාවද ඉක්මනින් ලබා දිය යුතු බව බොදුබල සේනා මහ ලේකම් පුජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි. 

කල්මුනේ දෙමල ජනතාවගේ මෙම ඉල්ලීම ඉතා සාධාරණ එකක් බවද උන්වහන්සේ සඳහන් කරයි.

කල්මුනේ දෙමළ ජනතාව වසර 30ක පමණ සිට මෙම ඉල්ලීම කරන බව සඳහන්  කරන උන්වහන්සේ ඒ සඳහා උපවාස හා සත්‍යග්‍රහද කළ බවද උන්වහන්සේ පෙන්වා දෙයි. 

සයින්දමරුදු ප්‍රදේශයට නගර සභාවක් දීම නිවැරදි තීන්දුවක් බව පෙන්වා දෙන උන්වහන්සේ ඉන් කිසිවෙකුත් කලබල විය යුතු නැති බවද ප්‍රකාශ කරයි.

කල්මුනේ මැතිවරණ කොට්ටාශයේ බහුතර මුස්ලිම් ජාතිකයන් වේ. 

වියත්තු ආවේ පොහොට්ටුවෙන් පස්සේ බවත් පොහොට්ටුව හදද්දී වියතුන් උගතුන් සිටි බවත් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පවසයි.

අලුත් වියතුන් අපිට අවශ්‍ය නැති බවත් වර්තමානයේ පවතින පාර්ලිමේන්තුවෙත් වියතුන් සිටියදී මේ රටෙ මේ තත්වයට පත් වී ඇති බවත් ඔහු අවධාරණය කරයි.

මන්ත්‍රීවරයා මේබව පැවසූවේ හිරු රූපවාහිනිය සමඟ වැඩසටහනට එක්වෙමිනි.

මාස දෙකකට ලබා ගන්නා ඇමැති ධුරයකට වඩා වසර පහක් සඳහා ලබාගන්නා ඇමති ධුරයක් වටිනා බව අවුරුදු පහක ඇමති ධූරයකින් රටට වැඩක් කරන්නට තමන් බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.