April 25, 2024

මන්ත්‍රීවරු රනිල්ට විකිණේ? එජාපයෙන් ඡන්දෙ ඉල්ලන මන්ත්‍රීවරුන්ට ලක්ෂ 25ක මුදලක්! රනිල් මන්ත්‍රීන්ට දැනුම් දෙයි Featured

February 14, 2020

එජාපයේ තිබෙන අර්බුදය දුරදිග යාමෙන් පසු මේවන විට සජිත් පාර්ශවය හදවත ලකුණින් නව සන්ධානයෙන් තරඟ කිරීමටත් එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් වෙනම තරඟ කිරීමටත් බොහෝදුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

මේ අතර එජාපයෙන් මහ මැතිවරණයට තරඟ කරන වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට මුදල් ලබා දීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි එජාප ආරංචි මාර්ග පැවසී ය.

ඒ අනුව එක් මන්ත්‍රීවරයෙකුට මූලික ප්‍රතිපාදනයක් ලෙස රුපියල් ලක්ෂ 25ක් බැගින් වූ මුදලක් ලබා දීමට කටයුතු කරන බවට රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) පාර්ලිමේන්තුවේ පැවැති සාකච්ඡාවකදී එජාප මන්ත්‍රී කණ්ඩායමකට දැනුම් දී තිබේ.

සංවිධාන කටයුතු ඇරඹීම සඳහා මෙම මුදල ලබාදී ඉදිරි කටයුතු සඳහාද ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා එම රැස්වීමේදී මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇතැයි එම ආරංචි මාර්ග පැවසී ය.

මෙම රැස්වීමට එජාප නායකයාට අමතරව අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, ආශු මාරසිංහ, රෝහිණී වීජේරත්න, මුජිබර් රහුමන් ඇතුළු පිරිසක් සහභාගී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

Last modified on Friday, 14 February 2020 13:30