April 26, 2024

ජොනී හිරවෙයි - කැබිනට්ටුවේ සහය ඉල්ලයි Featured

February 26, 2020

පසුගිය වසරේ සිදුකරන ලද මහාමාර්ග ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ගෙවීමට නොහැකිව රුපියල් කෝටි 4381ක පමණ හිඟ බිල්පත් මහාමාර්ග අමාත්‍යාංශය සතුව පවතින බව මාර්ග හා මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට ගෙවීමට මුදල් නැතිව ගොඩගැසී ඇති බලපත් පිළිබඳව කැබිනට් මණ්ඩලයට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරමින් ඇමැතිවරයා මෙම දැනුම් දී තිබේ.

දේශීය අරමුදල් යටතේ කරන ලද ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් කෝටි 2996 ක හිඟ බිල්පත්ද, විදේශීය අරමුදල් යටතේ කරන ලද ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් කෝටි 1385 ක හිඟ බිල්පත්ද ගෙවීමට ඇතැයි එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

අමාත්‍යාංශයට පසුගිය වසරේ ලැබුණු ප්‍රතිපාදනවලින් මෙම හිඟබිල්පත් ගෙවීමට උත්සහ කළද වියදම් ප්‍රමාණය ප්‍රතිපාදන ඉක්මවා ගිය බැවින් ගෙවීමට නොහැකි වී ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දී ඇත.

 

Last modified on Wednesday, 26 February 2020 11:27