May 03, 2024
Main

Main (651)

අද (28) සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය මුළුමනින් ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කොරෝනා වෛරසය පාලනය කරනු පිණිස මාර්තු 20 වැනිදා මුල්වරට පනවනු ලැබූ ඇඳිරි නීතිය ජූනි 13සිට ක්‍රියාත්මක වූයේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා පමණි. 

එළඹෙන මහා මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට තවත් පක්ෂයේ අර්බුධයකට මුහුණ දීමට සිදුවීමේ පසුබිමක් නිර්මාණය වෙමින් පවතී.

සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසකගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් මේ  වන විට අධිකරණයෙන් නියෝගයක් දී තිබෙන බැවින් මහ මැතිවරණයට පෙර පුරප්පාඩුව තිබෙන නියෝජ්‍ය නායක ධූරය පුරවන ලෙස මේ වන විට පක්ෂ අභ්‍යන්තරයෙන්ම එජාප නායකයාට බලපෑම් එල්ල වෙමින් තිබේ.

මෙම ධූරයට එජාප උප නායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවින් දිසානායක හා දයා ගමගේ යන මහත්වරුන් ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටියද වික්‍රමසිංහ මහතාගේ අරමුණ වී තිබෙන්නේ මේ තිදෙනාටම නොදී තමාට සමීප තරුණ දේශපාලඥයෙකුට එම ධූරය ලබා දීමය.

ශක්තිමත් එක්සත් ජාතික පක්ෂ තුල මතභේද ඇති කර කඩා වෙන් කිරිම තුලින් රාජපක්ෂ කදවුර ශක්තිමත් වන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.

නවින් දිසානායක මහතා එ බැව් කියා සිටියේ නවින් දිසානායක මහතාගේ මැතිවරණ කාර්යයාලයක් ගිනිගත්හේන නගරයේ විවෘත කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.

රටේ නායකයින් ගණනාවක් බිහි කර ශක්තිමත් එක්සත් ජාතික පක්ෂය තවදුරටත් ශක්තිමත් නායකයින් රැසක් රැදි සිටින බවත් එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වි ගිය කොටසක් කිසිදු ප්‍රතිපත්තියක් නොමැතිව රටේ පාලන බලය ලබා ගැනිමට උත්සහ කරන බවත් , එය කිසිසේත් ඔහුන්ට සිදු කල නොහැකි බව නවින් දිසානායක මහතා පවසයි.

මහ මැතිවරණයේදි සමගි ජනබලවේගය මන්ත්‍රි ධුර කිහිපයක් ලබා ගන්නා බවත් , එසේ තේරි පත් වන මන්ත්‍රිවරුන් අනිවාර්යෙන්ම රාජපක්ෂ කදවුර ශක්තිමත් කිරිමට ඔහුන් පිහිටුවන රජයත් සමග එක්වන බව නවින් දිසානායක මහතා පෙන්වා දෙයි.

සමගි ජන බලවේගය සමග එක් වි සිටින වැඩි පිරිසක් බලය සහ තනතුරු නොමැතිව දේශපාලනයේ රැදි සිටිමට නොහැකි පිරිසක් බවත් , එම පිරිස මැතිවරණයෙන් ජයගෙන ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය පිහිටුවන රජයට අනිවාර්යෙන්ම එක්වන බවද නවින් දිසානායක මහතා පැවසිය.

තමන් මහ මැතිවරණයක් සදහා ඉදිරිපත් වන අවසන් මැතිවරණය මෙය බවත් තමන් එක්සත් ජාතික පාක්ෂිකයෙක් වශයෙන් දේශපාලනයේ රැදි සිටින බව නවින් දිසානායක මහතා මෙම රැස්විමේදි වැඩිදුරටත් කියා සිටියේය.

2011 ලෝක කුසලාන අවසන් තරගයේ දී තරගය ඉන්දියාවට විකිණීම පිළිබඳව තමා මීට ටික දිනකට පෙර අදහස් පළ කළේ ඒ සම්බන්ධයෙන් වූ ඉතා රහසිගත ලියවිල්ලක් තමාට ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලැබුණේ මීට සති දෙකකට පමණ පෙර නිසා බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වූ මහින්දානන්ද අලූත්ගමගේ මහතා ප්‍රකාශ කරයි.

එම ලියවිල්ලෙන් තරගය පාවාදීම පිළිබඳව ශ්‍රී ලංකාව ඉදිරියෙන් ම සිටින බව දන්වමින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු හරින් ප්‍රනාන්දු මහතා වෙත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ පිටුදැකීම පිටුදැකීමේ කමිටු ප්‍රධානියා දන්වා තිබුණු බවත් අලූත්ගමගේ මහතා සඳහන් කරයි.

ඒ අනුව මෙම ලියවිල්ල මහින්දානන්ද අලූත්ගමගේ මහතාට ලැබී තිබෙන්නේ ඩලස් අලහප්පෙරුම මහතා යටතේ තිබෙන ක්‍රීඩා අමාත්‍යාංශයෙන් බව හෙළිදරව් වේ.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා යහපාලන රජය යටතේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූවන් පිළිබඳ තොරතුරු ඒකරාශී කරන විශේෂ ජනාධිපති කොමිසමට යවන ලද ලිපියකින් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා දැඩි අපහසුතාවයකට ලක් කොට තිබේ.

උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසමට ලියුමක් යවමින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා දන්වා ඇත්තේ අදාළ කොමිසම පත් කර තිබෙන්නේ පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය සේවකයන් හා පොලිස් නිළධාරීන් ඇතුළු පිරිස් පිළිබඳව කරුණු සෙවීමට බැවින් සේනාධිපති මහතා ඒ කුමන වර්ගයකටවත් අයත් නොවන බවය .

මේ නිසා සේනාධිපති මහතා තමාට සිදු වූ අසාධාරණය ගැන පැමිණිලි කර තිබෙන්නේ වැරදි තැනකට බවත් එය ඔහු ඔහුට එරෙහිව පරීක්ෂණ කරන නිලධාරීන් බිය වැද්දවීම කළ එකක් බවද බව ද නීතිපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

නීතිපතිවරයා මෙම ලිපිය ලියා තිබෙන්නේ සේනාධිපති මහතා ඉලක්ක කොට ගෙන ය .

ඉකුත් රජය විසින් හම්බන්තොට වරාය චීනයට දුන් පසු කොළඹ වරායෙන් ජැටියක් ඉල්ලා ඉන්දියාව බලපෑම් කර ඇති බවත් ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට එවක රජය කැබිනට් අනුමැතිය ඇතිව ගිවිසුමක් අස්සන් කළ බවත් වරාය අධිකාරියේ උප සභාපති ඩබ්ලිව් එස් වීරමන් මහතා පවසයි.

වත්මන් රජය පැමිණි පසු එම යෝජනාවෙන් ඉවත්ව වරාය අධිකාරිය විසින්ම නැගෙනහිර පර්යන්තය ඉදිකළ යුතු බවට තීරණය කරමින් කටයුතු කළ නමුත් ගිවිසුම ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි ඉන්දියාව දිගින් දිගටම බලපෑම් කරන බව ද උපසභාපතිවරයා සඳහන් කළේය.

පවතින තත්ත්වය යටතේ අධිකාරිය බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙමින් සිටින බවත් සාකච්ඡා කර යම් පියවරක් ගැනීමට බලාපොරාත්තු වන බවත් වීරමන් මහතා වැඩිදුරටත් පැවසී ය.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි කිරීමට ගෙනඑනු ලැබ ඇති ග්‍රැන්ටි දොඹකර (කන්ටේනර් මෙහෙයුම් සිදුකරන දොඹකර) නැවෙන් ඉක්මණින් බාන්නැයි ඉල්ලමින් වරාය සේවක වෘත්තිය සමිති නායකයෝ ඊයේ (22) පස්වරුවේ වරාය සභාපතිවරයාගේ කාර්යාලය වටලමින් ඉල්ලීමක් කළහ.

මීට දින පහකට පෙර ගෙන එනු ලැබූ ඉකුත් 20 දා ගොඩ බෑමට නියමිතව තිබූ නමුත් එය සිදු නොවූ බවත් දොඹකර නැවෙන් බෑම අද (23) ආරම්භ නොවුනහොත් සියලු වෘත්තිය සමිති එක්කරගෙන වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවත් වරාය ස්වාධීන වෘත්තිය සමිතියේ සභාපති ලාල් බංගමුවගේ මහතා ප්‍රකාශ කරයි.

චීනයෙන් ගෙන්වන ලද මෙම දොඹකර සවිකරනවා වෙනුවට ඉන්දීය රජයේ බලපෑම් මත ආපසු යැවීමේ උත්සාහයක් පවතින බවට සැකකරන්නේ යැයි කී බංගමුවගේ මහතා මේ පිළිබඳව සාකච්ඡාවක් ලබා දෙන තුරු සභාපතිවරයාගේ කාර්යාලය ඉදිරිපිට සිටින බවත් සාකච්ඡාවක් නොලැබුණ හොත් හෝ මෙම දොඹකර ගොඩබෑමට කටයුතු නොකලහොත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවන බවත් කියා සිටියේය.  

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට එළැඹෙන මහා මැතිවරණයේ දී ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙන ලෙස පොදුජන පෙරමුණ ප්‍රධානීන් කළ ඉල්ලීමක් පිළිබඳව හෙලිදරව්වක් වාර්තා වෙයි.

ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වී මැතිවරණ සටන මෙහෙය වීමට මුල්වන ලෙස කර තිබෙන මෙම ඉල්ලීමට වීරවංශ මහතා මුලදී කැමැත්ත පළ කර තිබුණද පසුවන එම අදහස වෙනස් කොට තරග කිරීමට තීරණය කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ අපේක්ෂක ලැයිස්තුවේ සිටින අපේක්ෂයන් 22න් 08ක්ම විමල් වීරවංශ මහතා නියෝජනය කරන කඩුවෙල ආසනය පදනම්ව දේශපාලනය කරන්නන් වීමද විශේෂත්වයකි.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට සී.සී.ටී.වී. කැමරා යෙදවීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයි වාර්තා වේ.  

ඡන්දය පැවැත්වෙන අගෝස්තු 5 වැනිද‌ා ඡන්දය ගණන් නොකිරීමට ගෙන ඇති තීරණයට අනුව සියලු ඡන්ද පෙට්ටි අද‌ාළ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ගෙනැවිත් දැඩි ආරක්ෂාව ලබා දෙන බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පැවසීය.  

ඒ අනුව පොලිස් ආරක්ෂාවට අමතරව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට සී.සී.ටී.වී. කැමරා යෙදවීමට ද පියවර ගෙන ඇත. 

පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික් නායක රෝහිත අබේගුණවර්ධන මහතා තමන්ගේ පෞද්ගලික මනාපය වැඩි කරගැනීමේ අරමුණින් කළුතර දිස්ත්‍රිකයේ දුර්වල ලැයිස්තුවක් ඉදිරිපත් කොට තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙයි.

කළුතර දිස්ත්‍රික්කයෙන් ශක්තිමත් පොදුජන පෙරමුණු ලැයිස්තුවක් ඉදිරිපත් කර ඒ හරහා මන්ත්‍රී ධූර 10 න් 07ක් ජයග්‍රහණය කිරීමේ අරමුණ පෙරදැරිව එම ලැයිස්තුවට හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම මහා ඇමතිවරයෙකු වන රෙජිනෝල්ඩ් කුරේ, හිටපු විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයෙකු වන නිර්මල කොතලාවල හා හිටපු පළාත් සභා අමාත්‍යවරයෙකු වන සුමිත් ලාල් මෙන්ඩිස් යන මහත්වරුන්ව ඇතුළත් කරන ලෙස කළ යෝජනාව අබේගුණවර්ධන මහතා විසින් ප්‍රතික්ෂේප කළ බවද වාර්තා වේ.

රෝහිත අබේගුණවර්ධන මහතා මෙම ප්‍රතික්ෂේප කිරීම කර තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදීය.

සුමිත් ලාල් මෙන්ඩිස් මහතා නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක ලැයිස්තුවක් ද මෙවර කළුතර දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා බාර දී තිබේ.

මෙවර මහ මැතිවරණයට තමා තරඟ කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොතිබූ බවත් ඒ තරමටම දේශපාලනය ගැන කලකිරීමට පත්ව තිබූ බවත් හිටපු අමාත්‍ය, එජාප අපේක්ෂක අර්ජුන රණතුංග මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසීය.

ඔහු මේබව පැවසූවේ ඒෂියන් මිරර් සංවාදය වැඩසටහනට එක්වෙමිනි.

සමහර හොඳ දේවල් කරන්න හදනකොට අපේම කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන්ගෙන් බාධා ඇතිවුණා. මේ රටේ සම්පත් ආරක්ෂා කරන්න යනකොට අපේ කැබිනට් මණ්ඩලයේ අයගෙන් විශාල බාධා ඇතිවුණා. යහපාලන ආණ්ඩුවක් හදාලා. අපි කවුරුත් හිතුවේ නෑ මහින්ද රාජපක්ෂ මහත්තයාව පරද්ද පුළුවන් කියලා. එයාවත් පරද්දලා අපි ආණ්ඩුවක් හදලා. අපි හොඳ ගමනක් යනකොට මේ බෙදීම් එක්ක වෙච්ච දේකින් කලකිරිලා මම අයින් වෙන්නම හිටියේ. පස්සේ මං තීරණය කළා පක්ෂෙ වැටිච්ච වෙලෙ මං ඉන්න ඔන කියලා." යැයි ඔහු කියා සි‌‌ටියේය.

එම සාකච්ඡාවේ වීඩියෝව පහතින්,