May 03, 2024
Main

Main (651)

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමට මුල් වූ ජාතිකත්ව මතවාදයට මෙවර මහ මැතිවරණයේදී පාර්ශව රැසක් උරුමකම් කීමට ඉදිරිපත්ව සිටියි.

පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා සිංහල ජාතිකත්ව පදනමින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය අඩිතාලම දැමීමට සමත් වූ අතර ඒ සඳහා දෙමළ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට ඔහු ලබා දුන් දේශපාලන නායකත්වය දැඩි ලෙස බලපාන ලදී.

එහෙත් මෙවර මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජාතිකත්ව පදනමට පුජ්‍ය අතුරලියේ රතන හිමි, පාඨලී චම්පික රණවක මහතා වැනි කොටි ත්‍රස්‌තවාදය සහමුලින්ම විනාශ කිරීමට ආරම්භය ලබා දුන් මාවිල්ආරු සොරොව්ව විවෘත කළ පිරිස් ද දැන් අයිතිවාසිකම් කියයි.

මහින්ද රාජපක්ෂ මහතාට කොටි ත්‍රස්තවාදය විනාශ කිරීම පිළිබඳව කිසිදු මතවාදයක් නොතිබුණු බව රතන හිමියන් ප්‍රකාශ කරන අතර මහින්ද රාජපක්ෂ මහතා ජාතිකවාදියෙකු නොව අවස්ථාවාදියෙකු බවත් ඔහු 2005 ජනාධිපතිවරණය සඳහා වූ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඒකීය ශ්‍රී ලංකාව යන වචන පේලිය පවා දැමීමට බිය වූ පුද්ගලයෙකු බව පාඨලී චම්පික මහතා පෙන්වා දෙයි. රතන හිමියන්ද මේ චෝදනාව මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රසිද්ධියේම එල්ල කරමින් සිටියි.

මහ මැතිවරණයෙන් පසු තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බවට එහි වත්මන් සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් දිනක කළුතරදී කළ ප්‍රකාශයත් සමඟ මීළඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා කවුරුන්ද යන්න පිලිබඳ ජන සමාජයේ අවධානය යොමු වී තිබේ.

පසුබෑමකට ලක්ව තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ගොඩ නැගීම සඳහා තරුණ පිරිසකට පක්ෂයේ නායකත්වය ලබා දෙන බවට සිරිසේන මහතා එහිදී ප්‍රකාශ කරන ලදී.

සිරිසේන මහතාගෙන් පසු ශ්‍රීලනිප නායකත්වය භාර ගැනීමට සිටින තරුණ නායකයින් සිටින්නේ අනුරාධපුරයේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බව පෙනෙන්නට තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ නායකයාට සිය ප්‍රතිවාදියාට වඩා වසර 12ක ශ්‍රීලනිප ජේෂ්ඨත්වයක් තිබෙන බවද වාර්තා වේ.

කෙවිඩ් 19 පාලනය කිරීම සඳහා රජය විසින් නීති සම්පාදනය කර ඊට නිරෝධායන නීති අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයිද එසේ නොවන්නේ නම් කොවිඩ් දෙවැනි රැල්ල පාලනය කිරීම ගැටලුවක් වන බව ද ඔහු අවධාරණය කළේය.

මේ අතර මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු හා ඡන්ද ක්‍රියාවලියට අදාලව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සකස් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකර සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ලඟ හිරවී ඇතැයි වාර්තා වේ.

නාත්තන්ඩිය - කොට්ටරාමුල්ල ප්‍රදේශයේ නිවස 09 ක පුද්ගලයින් 37 දෙනෙකු ස්වයං නීරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය නිලධාරීන් මේවන විට කටයුතු කර ඇත.

2005, 2015 කාලය තුල පැවති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ ඉතා ප්‍රකට කියමනක් වූ "සැලෝන් දොර" දැන් වසා තිබෙන බව බැසිල් රාජපක්ෂ මහතා අනාවරණය කරන ලදී.

ඒ ඊයේ (08) නෙලුම් මාවත පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමිනි.

"සැලෝන් දොර"  තවම ඇර තිබේද යන්න එහිදී මාධ්‍යවේදියෙකු බැසිල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු ලෙස ඔහු සඳහන් කළේ එය 2005, 2015 කාලයේ සිදු වුවක් බවත් "සැලෝන් දොර" දැන් වසා ඇති බවත්ය. 

2005,2015 අවධියේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ තිබු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ "සැලෝන් දොර" ඇර තිබෙන බවත් ඉන් ඕනෑම කෙනෙකුට ඇතුලට ඒමටත්, ඕනෑම කෙනෙකුට ඉන් පිටව යාමටත් හැකි බව‍ට මහින්ද රාජපක්ෂ මහතා නිරන්තරයෙන් කළ ප්‍රකාශය සමාජයේ දැඩි අවධානයට ලක් විය.

"සැලෝන් දොර" විවෘත කළ අවධියේ විපක්ෂයේ බොහෝ දෙනෙකු මේ හරහා ආණ්ඩුවට පැමිණි මුත් 2015 ජනවාරි  08 ජනාධිපතිවරණය ආසන්නයේ එම ආණ්ඩුවේ සිටි සැලකිය යුතු පිරිසක් සැලෝන් දොරෙන් පිටව ගිය බව ප්‍රකට කරුණකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෑවිච්ච එකෙකුටවත් ජන්දය දෙන්න එපා කියන ප්‍රසන්න රණතුංග මහතාට කළ හැකි හොඳම දෙය සිය පියාණන් වූ රෙජි රණතුංග මහතාගේ සොහොන අසලට ගොස් ඔය කතාව කියන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එවිට රෙජි රණතුංග මහතා සොහොනෙන් නැගිට ප්‍රසන්න රණතුංග මහතාට කණේ පහරකුත් ගසා මේ අපි හැදුන තැන බව තේරුම් කර දෙනු ඇති බවද මහ ලේකම් වරයා සඳහන් කරයි.

ආචාර්ය නාලක ගොඩහේවා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලසන්ත අලගියවන්න, සිසිර ජයකොඩි යන ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණ ලැයිස්තුවේ සිටින බුද්ධිමතුන්ට අපොස සාමාන්‍ය පෙළ අසමත් ප්‍රසන්න රණතුංග මහතා අභියෝගයක් නොවනු ඇති බවද ජයසේකර මහතා සඳහන් කරයි.

කිලිනොච්චිය ප්‍රදේශයෙන් දේශීව නිශ්පාදනය කරන ලද බෝම්බ හමු වීමත් සමග උතුරේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

ත්‍රස්තවාදය නැවත ඇතිකිරීමේ උත්සහයක නිරත වීමේ අවධානමක් වශයෙන් කිලිනොච්චියේ හිටපු එල්.ටී.ඊ. සාමාජිකයෙකු විසින් දේශීය බෝම්බ නිශ්පාදනය කිරීමට යාමේදී පුපුරායාමත් සමග ආරක්ෂක අංශ වල දැඩි අවධානය යොමු වී ඇත.

මේ අනුව සැකකටුයුතු ප්‍රදේශයන් හදීසි සෝදිසි පරික්ෂා කිරීම් හා ප්‍රධාන මාර්ගයන්හි වාහන ඇතුලු පුද්ගලයින් පරික්ෂා කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

මෙලෙසින් වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේද යුද හමුදාව විසින් හදීසි සෝදිසි මුරපොළක් ක්‍රියාත්මක කොට සැකකටයුතු වාහන හා පුද්ගලයින් පරික්ෂා කිරීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ට පක්ෂයෙන් වැඩක් නොවුණද අලියා ලකුණ මරන්නට ඉඩ ලබා දිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් එජාප අපෙක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.

නවින් දිසානායක මහතා ඒ බව කියා සිටියේ වලපනේ ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැස්විමකට එක්වෙමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු නවින් දිසානායක මහතා කියා සිටියේ 6 වෙනිදා පසුව එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව යලිත් ගොඩනගන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා හරි මගට ගනිමින් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන බවත්, හරි මග යාමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු නොකරන්නේ නම් ඔහුට නායකත්වයෙන් ඉවත් වන ලෙස දැනුම් දෙන ලෙස නවින් දිසානායක මහතා පැවසිය.

නුවරඑලිය දිස්ත්‍රික්කය තුල එක්සත් ජාතික පක්ෂ අපෙක්ෂකයන් එකම වේදිකාවක සිට මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කලද අනෙකුත් පක්ෂ වල අපෙක්ෂකයන් මනාප පොරය නිසා තනි තනිවම මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බවයි නවින් දිසානායක මහතා කියා සිටින්නේ.

ලබන 6 දිනයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය හැර නොගිය පාක්ෂිකයන්ව රැක බලා ගැනිමට කටයුතු කරන බවද නවින් දිසානායක මහතා පැවසිය.

(රංජිත් රාජපක්ෂ)

එළඹෙන මහ මැතිවරණයෙන් පසු තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බවට එහි සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (04) කළුතරදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමකදී විශේෂ අනාවරණයක් කරන ලදී.

මෙම රැස්වීම සංවිධානය කර තිබුණේ කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක කණ්ඩායමේ නායක හිටපු පළාත් සභා අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස් මහතාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළුතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණ අපේක්ෂක ලැයිස්තුවෙන් එක අපේක්ෂක ධුරයක්වත් ලබා නොදීම හේතුවෙන් ශ්‍රීලනිපය අත ලකුණින් කළුතර දිස්ත්‍රික්කයට අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා සඳහන් කළේ ශ්‍රීලනිපය තාවකාලිකව බිඳ වැටීමකට ලක්ව තිබෙන බවත් මැතිවරණයෙන් පසු පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා තමා පක්ෂ නායකත්වයෙන් ඉවත්ව උපදේශකයෙක් හා අනුශාසකවරයෙක් ලෙස කටයුතු කරමින් තරුණ පිරිසකට ශ්‍රීලනිප පක්ෂ නායකත්වය ලබා දෙන බවය.

මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රීලනිප නායකත්වය භාර ගත්තේ 2015 ජනවාරි 08 ජනාධිපතිවරණය හමාර වී සති දෙකක පමණ කාලයකට පසුවය.

ශ්‍රී ලංකාවේ අවශේෂ වනාන්තර හෙට්ටයාර ලක්ෂ 5ක් බහුජාතික සමාගම් පහකට ලබා දීම සඳහා 2001 / 5 චක්‍රලේඛය සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන බව පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසයි.

පරිසරය විනාශ කරන මෙම ව්‍යාපෘතිය පිටුපස සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා බවටද උන්වහන්සේ චෝදනා කරයි.

සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපතිවරයාද වන උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම හෙක්ටයාර ලක්ෂ 05 ශ්‍රී ලංකාවේ වන ඝනත්වයෙන් 4%ක් පමණ වන බවය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ශ්‍රී ලංකාවේ වනාන්තර පද්දතිය 30% දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබුණද දැන් සිදු වන්නේ ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියක් බවද උන්වහන්සේ සඳහන් කරයි.

එළඹෙන මහ මැතිවරණයේදී පරාජයට පත් වන පොදුජන පෙරමුණේ කිසිදු අපේක්ෂකයෙකුට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් ලබා නොදෙන බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අවධාරණය කරයි.

2015 අගෝස්තු 17 වනදා පැවති මැතිවරණයෙන් පරාජය වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂයන් 5 දෙනෙකුට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර ලබා දීමට එහි නායකයා වූ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය දැඩි විවේචනයට ලක් විය.

එස්.බි.දිසානායක, තිලංග සුමතිපාල, මහින්ද සමරසිංහ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා විජිත් විජයමුනිද සොයිසා යන මහත්වරුන් මෙසේ ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රීවරුන් අතර සිටි අතර මෙවර මහ මැතිවරණයට විජිත් විජයමුණි ද සොයිසා මහතා හැර අන් 4 දෙනාම පොදුජන පෙරමුණෙන් තරඟ වදී.

සොයිසා මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වී ඉන්පසු සමඟි ජන බලවේගයට සම්බන්ධ වී එහි අපේක්ෂයෙකු ලෙස මෙවර මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ වදී.