April 19, 2024

MCC අවලංගු කිරීම ගැන විමල් - ජී.එල් මත දෙකක Featured

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම සම්බන්ධයෙන් සමාලෝචන කමිටුව ඉදිරිපත් කළ නිර්දේශයන්ට අනුව කටයුතු කිරීම පිළිබඳව පොදුජන පෙරමුණ තුල විවිධ මතවාද ඉදිරිපත් වෙමින් පවතී.

ආචාර්ය ලලිතසිරි ගුණරුවන්ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව විසින් MMC ගිවිසුම ශ්‍රී ලංකාවට අහිතකර බැවින් එය ඒ ආකාරයෙන්ම අත්සන් නොකළ යුතු බවට නිර්දේශ කොට තිබේ.

මේ පිළිබඳව විමල් විරවංශ අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඒ නිර්දේශ නව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ක්‍රියාත්මක කළ යුතු බවයි. ඒ අනුව අගෝස්තු 05 වනදා මහ මැතිවරණය හමාර වී නව පාර්ලිමේන්තුව කැඳවන දින දක්වා ඒ සඳහා බලා සිටීමට සිදුවන අතර තවමත් ජනාධිපතිවරයා නව පාර්ලිමේන්තුව කැඳවන දිනයක් නම් කොට නොමැත.

එහෙත් පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පිරිස් පවසන්නේ එම නිර්දේශ කැබිනට් මණ්ඩල අනුමැතියකින් ආණ්ඩුවට ක්‍රියාත්මක කළ හැකි බවයි.

Last modified on Tuesday, 30 June 2020 11:01