March 29, 2024

මෛත්‍රීපාල ශ්‍රීලනිප නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වේ Featured

එළඹෙන මහ මැතිවරණයෙන් පසු තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බවට එහි සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (04) කළුතරදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමකදී විශේෂ අනාවරණයක් කරන ලදී.

මෙම රැස්වීම සංවිධානය කර තිබුණේ කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක කණ්ඩායමේ නායක හිටපු පළාත් සභා අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස් මහතාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළුතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණ අපේක්ෂක ලැයිස්තුවෙන් එක අපේක්ෂක ධුරයක්වත් ලබා නොදීම හේතුවෙන් ශ්‍රීලනිපය අත ලකුණින් කළුතර දිස්ත්‍රික්කයට අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා සඳහන් කළේ ශ්‍රීලනිපය තාවකාලිකව බිඳ වැටීමකට ලක්ව තිබෙන බවත් මැතිවරණයෙන් පසු පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා තමා පක්ෂ නායකත්වයෙන් ඉවත්ව උපදේශකයෙක් හා අනුශාසකවරයෙක් ලෙස කටයුතු කරමින් තරුණ පිරිසකට ශ්‍රීලනිප පක්ෂ නායකත්වය ලබා දෙන බවය.

මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රීලනිප නායකත්වය භාර ගත්තේ 2015 ජනවාරි 08 ජනාධිපතිවරණය හමාර වී සති දෙකක පමණ කාලයකට පසුවය.

Last modified on Sunday, 05 July 2020 09:13