May 02, 2024
Main

Main (651)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා සුරේන් රාඝවන් මහතා පත් කළ ආකාරය පිළිබඳව ශ්‍රීලනිපයේ අසතුටක් තිබෙන බව එම පක්ෂයේ හිටපු සභාපති වරයෙකු මෙන්ම ලේකම්වරයෙකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේය.

ශ්‍රීලනිපය පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව සඳහා නම් දෙකක් ලබා දුන් අතර ඉන් එක් තැනැත්තෙකු වන රාඝවන් මහතාව ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම පිළිබඳව පක්ෂයේ මහ ලේකම්වරයා වූ දයාසිරි ජයසේකර මහතා වූ වෙනත් වගකිව යුතු අයෙකුගෙන් විමසීමක් කර නොමැති බවද පියදාස මහතා සඳහන් කරයි.

පක්ෂය නම් කළ අන් ජාතික ලැයිස්තු අපේක්ෂකයා තමා බව සඳහන් කරන පියදාස මහතා දෙමල ජාතිකයෙකුට අවස්ථාව දීම සඳහා රාඝවන් මහතා පත් කළ බව පොදුජන පෙරමුණු ප්‍රධානින් සඳහන් කර තිබෙන බවද පෙන්වා දෙයි.

මහා මැතිවරණයේදී ශ්‍රීලනිපයේ ඉදිරිපත් කළ අපේක්ෂකයින් 26 දෙනාගෙන් 14 දෙනෙකුම ජයග්‍රහණය කර තිබෙන අතර එය පොදුජන පෙරමුණ ලබා ගත් සමස්ත මන්ත්‍රී ධූර හා සැසදීමේදී ශ්‍රීලනිපයේ දෙදෙනෙකුටම ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම සාධාරණ බවද පියදාස මහතා අවධාරණය කරයි. 

පුරා දශක දෙකක් සිය පාර්ලිමේන්තු සගයා වූ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දේශපාලන අවසන් වීම සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානයක මහතා කණස්සල්ලෙන් සිටින බව වාර්තා වේ.

අනුර කුමාර දිසානායක මහතා වික්‍රමසිංහ මහතාට දුරකථනයෙන් කතා කොට මැතිවරණයේදී මුහුණ දුන් තත්වය පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කළ බව වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන් ප්‍රකාශ වේ.

විශේෂයෙන්ම පසුගිය පාර්ලිමේන්තුවේ බොහෝ කටයුතු වලිදී රනිල් වික්‍රමසිංහ මහතා හා අනුර කුමාර දිසානායක මහතා ඉතා සමීපව කටයුතු කළ බව ප්‍රකට කරුණකි.

පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙම දෙදෙනාම කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ අතර අනුර කුමාර මහතාට පාර්ලිමේන්තුවට තේරී පත් වීමට හැකි මුත් රනිල් වික්‍රමසිංහ මහතා පරාජය විය.

ලබන සැප්තැම්බර් 04 වන දිනට වසර 74ක් පිරෙන මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතා නිර්මාතෘ වූ එක්සත් ජාතික පක්ෂය සිය ඉතිහාසයේ ලැබූ දරුණුතම පරාජය මෙවර මහ මැතිවරණයේ ලැබුවද එහි වගකීම ගෙන පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තුළ කිසිදු අදහසක් නොමැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවර මහ මැතිවරණයේදී මැතිවරණ දිස්ත්‍රික්ක 22න් එකදු මන්ත්‍රී වරයෙකුවත් තේරී පත් කර ගැනීමට එජාපයට නොහැකි වූ අතර හිමි වුයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පමණි.

74 වසර එජාප ඉතිහාසයේ වසර 26ක්ම පක්ෂයට නායකත්වය දී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය.

මෙවර මහ මැතිවරණයේදී ලැබූ අන්ත පරාජය ගැන මේ වන තුරුත් කිසිවක් ප්‍රකාශ කර නොමැති වික්‍රමසිංහ මහතා යළි පක්ෂය බිංදුවේ සිට ගොඩ නගන බව පමණක් ප්‍රකාශ කොට තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (06) සවස් වරුවේ එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය වන සිරිකොතට පැමිණ තිබේ.

එක්සත් ජාතික පක්ෂය යළි බිංදුවේ සිට පටන් ගත යුතු බව එහිදී ඔහු එහි සිටි පක්ෂ පිරිස් අමතා ප්‍රකාශ කොට තිබේ.

එක්සත් ජාතික පක්ෂය සිය ඉතිහාසයේ දරුණුම පරාජයට මුහුණ දී සිටියි.

මහ මැතිවරණයට අදාළ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

පළමුව තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව පස්වරු 2.30න් පසු මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණනය කිරීමේ කටයුතු අද උදෑසන 7ට ආරම්භ කෙරුණු බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.

දහවල් 12 පමණ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර මාතර දිස්ත්‍රික්කයේද ඡන්දය ගණනය කිරීමේ කටයුතු ආරම්භ කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ප්‍රදීප් රත්නායක මහතා පැවසීය.  

ප්‍රදේශයට මේ වනවිට වර්ෂාවෙන් යම් බලපෑමක් එල්ලවී ඇති අතර ඒ හේතුවෙන් මැතිවරණ නිලධාරීන් පැමිණීමේදී බාධා මතුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ඡන්ද ගණනය කිරීමේ කටයුතු නිසි පරිදි අඛන්ඩව සිදුකරමින් පවතින බවද මාතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

ඊයේ පස්වරු පහට ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් අවසන් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් සඳහන් කළේය.

මීට පෙර මැතිවරණවලදී සිදුවූ පරිදි මෙවර ඡන්දය ගණන් කිරීමේ කටයුතු ඊයේ රාත්‍රියේ සිදුවූයේ නැහැ.

ඊයේ පස්වරු 5 ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වීමෙන් අනතුරුව ඡන්ද පෙට්ටි ඒ ඒ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒම ආරම්භ විය.

මෙවර මහ මැතිවරණයේ ඡන්ද ගණනය කිරීමල දිවයින පුරා ස්ථාපිත ප්‍රධාන මධ්‍යස්ථාන 77 කදී සිදුකෙරේ.

වැඩිම ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති අතර එම සංඛ්‍යාව 07ක්.

කොළඹ දිස්ත්‍රික්කය තුළ ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථන 4 ක් ස්ථාපනය කර තිබෙන අතර ඒ කොළඹ රාජකීය, ඩී.එස්. සේනානායක, ඉසිපතන සහ තර්ස්ටන් යන විද්‍යාල තුළයි.

ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන එනු ලැබූ ඡන්ද පෙට්ටි අවසරලත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයින් ඉදිරියේ තවත් බහාලුමක සීල් තබා ආරක්ෂිතව තැන්පත් කර තිබිණි.

සියයට 71 ක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් වාර්තාවූ මෙවර මහ මැතිවරණයේදී එක්කෝටි දස ලක්ෂයකට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබූ බව මැතිවරණ කොමිසම පැවසීය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීම ඊයේ(05) පස්වරු 05.00ට අවසන් විය.

මන්ත්‍රීවරුන් 225 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්කර යැවීම සඳහා ඡන්දදායකයින් එක්කෝටි හැට දෙලක්ෂ 63,885 දෙනෙකු ඊයේ පැවති මහ මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි අතර,එක්කෝටි දස ලක්ෂයකට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

ඉන් ලක්ෂ 7 කට ආසන්න සංඛ්‍යාවක් තැපැල් ඡන්ද බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

අපේක්ෂකයින් 7452 ක් මෙවර මහමැතිවරණයට තරඟ වැදුණු අතර, ඉන් 3652 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ හරහා තරඟ කළේය.

ස්වාධීන කණ්ඩායම් හරහා මැතිවරණයට තරඟ වැදුණු සංඛ්‍යාව සටහන් වුණේ 3800ක් ලෙසයි.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,985 කදී ඊයේ මැතිවරණය පැවති අතර, ඒ අනුව සමස්ත ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 71ක් වූ බව මැතිවරණ කොමිමේ සභාපතිවරයා සඳහන් කළේය.

මෙවර මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අතින් වැඩිම ප්‍රතිශතයක් සටහන්ව තිබුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයේයි.

එම ප්‍රතිශතය සියයට 75 ක්. අඩුම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 63 ක් වූ අතර එම ප්‍රතිශතය වාර්තාවුණේ පුත්තලම දිස්ත්‍රික්කයෙනි.

මේ අතර මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීම සමස්ථයක් ලෙස කිසිදු ගැටළුවකින් තොරව පැවති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර "රට හදන තැන හදන - ජනතා පරමාධිපත්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2020" - නිල ඡන්ද ප්‍රතිඵල ලැබුණු සැණින් එසැණින් ගෙන ඒමට ඒෂියන් මිරර් අප සියලු කටයුතු සූදානම් කර තිබේ.

ඒ අනුව මෙවරත් ඒෂියන් මිරර් මැතිවරණ විකාශය Facebook සහ Youtube තුළින් සජිවීව බලාපොරොත්තු වන්න.

අභිනව නවවැනි පාර්ලිමේන්තුවට මන්තී‍්‍රවරුන් 196 දෙනකු තෝරා පත් කර ගැනීමේ 2020 මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (05) පෙරවරු 7.00 ආරම්භ විය.
 
නව මන්තී‍්‍රවරුන් 196 දෙනා තෝරා ගැනීමට දේශපාලන පක්ෂ 28 කින් හා ස්වාධීන කණ්ඩායම් 313 කින් අපේක්ෂකයන් 7452 දෙනකු තරග කරනු ලැබීය. ඡන්ද ප‍්‍රකාශ කිරීමට ඡන්ද දායකයන් 16,263,885 දෙනකු සුදුසුකම් ලබා ඇති අතර රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,985 කදී ඔවුන් ඡන්ද ප‍්‍රකාශ කිරීමට නියමිතය.
 
 එම මධ්‍යස්ථාන අතර ඡන්ද 2400 ට වැඩි මධ්‍යස්ථාන 53 ක් හා ඡන්ද 1200 ත් 1600 ත් අතර මධ්‍යස්ථාන 4055 ක් වෙයි. වැඩිම ඡන්ද මධ්‍යස්ථාන ප‍්‍රමාණයක් පාසල් 8000 ක පිහිටුවීම ද විශේෂත්වයකි.
 
ඡන්ද මධ්‍යස්ථානවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර ජංගම ආරක්ෂක සංචාර 3069 ක් සිදු කරනු ලබයි. සියලූ ආරක්ෂක කටයුතුවලට පොලිස් නිලධාරීන් 69000 කට අධික සංඛ්‍යාවක් යොදවා තිබේ.
 
ඉකුත් මැතිවරණවලට සාපේක්ෂව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් මෙවර ඡන්ද මධ්‍යස්ථානවල සිදු කරනු ලබයි. එනම් ඡන්ද මධ්‍යස්ථානයට පිවිසෙන ඡන්දදායකයන් අවස්ථා තුනකදී දෑත් පිරිසිදු කිරීමට ලක් කරන අතර ඡන්ද සලකුණු කුටිය හා මධ්‍යස්ථානය වරින් වර විෂබීජහරණයට ලක් කරන බව මැතිවරණ කොමිසම පවසයි.
 
ඡන්ද සලකුණු කිරීම පස්වරු 5.00 ට අවසන් කිරීමෙන් පසුව ආරක්ෂිත ලෙස ඡන්ද පෙට්ටි මුද්‍රා තබා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට නියමිතය.

ඡන්ද ගණන් කිරීම හෙට (06) පෙරවරු 8.00 ට ආරම්භ වෙයි. ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන 2367 කදී සිදු කරනු ලබයි. තැපැල් ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන 444 කදී සිදු කිරීමට නියමිතය.

ඒ අනුව පළමු තැපැල් ඡන්ද ප‍්‍රතිඵලය හෙට දහවල් වනවිටත් ආසන මට්ටමින් පළමු ඡන්ද ප‍්‍රතිඵලය සවස්වරුව වනවිටත් නිකුත් කිරීමට හැකිවනු ඇති බවත් මැතිවරණ කොමිසම සඳහන් කරයි.

සමස්ත ඡන්ද ප‍්‍රතිඵල මධ්‍යම රාති‍්‍රය වනවිට නිකුත් කිරීමට හැකිවනු ඇති බවට මැතිවරණ කොමිසම විශ්වාස කරයි.

අගෝස්තු 05 බදාදා මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව 2020 අගෝස්තු 20 වැනිදා කැඳවනු ලැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය අද (04) අලුයම නිකුත් කළ නිවේදනයකින් දැක්වේ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ තීරණය ගෙන තිබේ.

ඒ බව සඳහන් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ ප්‍රකාශයට පත් කර තිබේ.

මැගසින් බන්ධනාගාරයට හෙරොයින් ප්‍රවාහනය කිරීමට යොදාගත් බවට සැකකෙරෙන බළලා අතුරුදන්ව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ පෙරේදා (01 වැනිදා) මැගසින් බන්ධනාගාර අසලදී බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් භාරයට ගනු ලැබූ බළලාය.

එම බළලාගේ ගෙලෙහි බැඳ තිබූ ඉටිකවරයක තිබී හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් හතක්, සිම් කාඩ්පත් දෙකක් මෙමරි කාඩ්පතක් බන්ධනාගාර නිලධාරීන් සොයාගෙන තිබේ.

මෙම බළලා ලවා හෙරොයින් යවා ඇත්තේ කුමන රැඳවූවකුට ලබාදීමටද යන්න සෙවීම සඳහා විමර්ශන ආරම්භ කොට ඇති බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.

බළලා අතුරුදන්ව ඇත්තේ අත්අඩංගුවට ගෙන කාමරයක රඳවා සිටියදී බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු මහ මැතිවරණයට අදාළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනා කිරීම, ගෙයින් ගෙට යාම, අත් පත්‍රිකා බෙදීම, ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම, පෝස්ටර්, දැන්වීම්, බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

අද මධ්‍යම රාත්‍රියෙන් පසු ආරම්භ වන නිහඬ කාල සීමාව තුළ නීති විරෝධී ක්‍රියාවලින් වැළකී නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට උපරිම සහය වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවට දැනුම්දෙයි.

පසුගිය මැතිවරණවලට සාපේක්ෂව මෙවර මැතිවරණයේ දී ප්‍රචණ්ඩ ක්‍රියා ද අවම මට්ටමක පැවති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

ඉදිරි මහ මැතිවරණයෙන් පසු තමනට ඇමැති ධුරයක් ලබා දීමට පොරොන්දු වී ඇති බව පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පැවසූ බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

දැනට බන්ධනාගාරගතව සිටින ඔහු සඳහන් කර ඇත්තේ මැතිවරණය ජයග්‍රහණය කලහොත් ස්ථිර වශයෙන් ම තමන්ට ඇමති ධූරයක් ලබා දෙන බවට පොදුජන පෙරමුණ පොරොන්දු වී ඇති බවයි.

නැගෙනහිර පලාත නියෝජනය කරමින් මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා දී ඇති ඔහු දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නේ හිටපු දෙමළ සන්ධාන මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙනි.