May 17, 2024

ජනාධිපති පොලීසිය කුඩු කරයි - කුඩ්ඩන්ගේ තොරතුරු පොලීසියට දෙන්න එපා මගේ කාර්යාලයට එවන්න Featured

කුඩු ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු පොලිසියට ලබා නොදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම තොරතුරු සෘජුවම ජනාධිපති ලේකම් කාර්යාලය වෙතට ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

තම දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දී සිටින බරපතල ප්‍රශ්නය වන්නේ කුඩු ප්‍රශ්නය බව කුරුණෑගල දිස්ත්‍රික් ජනතාව ජනාධිපතිවරයා වෙත දැනුම් දුන්නේ ඔහු මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට එම දිස්ත්‍රික්කයට ගිය අවස්ථාවේදීය. 

කුඩු ජාවාරම්කරුවන් පිලිබඳ තොරතුරු ලබා දෙන ලෙස එහිදී ජනාධිපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටි අතර ඊට පිළිතුරු ලෙස ජනතාව සඳහන් කළේ අදාළ තොරතුරු පොලිසිය වෙත ලබා දුන්නද ඉන් පලක් නොවන බවය.

එම තොරතුරු පොලිසියට නොදී තම කාර්යාලය වෙත එවන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීම කළේ එම අවස්ථාවේදීය.

කුඩු මර්ධනය සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියා පිළිවෙත පිළිබඳව මහජනතාව තුළ පමණක් නොව ජනාධිපතිවරයා තුළ පැහැදීමක් නොමැති බව ඉන් තහවුරු වේ.

Last modified on Tuesday, 28 July 2020 10:22