May 04, 2024

සනත් නිශාන්ත කට අරී - අවශ්‍ය නම් රුපියල් 500 දඩය ගෙවන්නම් Featured

තමා දැනුවත්ව වරදක් කර නොමැති බවත් තමන් දන්නා ආකාරයට හිස් වැසුමක් නොමැතිව යතුරු පැදියක් පැදවීමේ දඩය රුපියල් 500ක් බැවින් අවශ්‍යය නම් තමන් ඒ මුදල ගෙවීමට සුදානම් බව පුත්තලම් දිස්ත්‍රික් පොදුජන පෙරමුණු කණ්ඩායම් නායක සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

එහෙත් යතුරු පැදියේ අංක තහඩු නොමැතිව ධාවනය කිරීමේ වරදට දඩය හෝ දඬුවම කුමක්දැයි ඔහු එහිදී සඳහන් කොට නොමැත.

සනත් නිශාන්ත මහතා සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අංක තහඩු නොමැති යතුරු පැදියක හිස් වැසුම් හා මුඛ ආවරණ නොමැතිව ධාවනය කරන අයුරු දැක්වන වීඩියෝ පට සහ ඡායාරූප පසුගිය දින කිහිපය පුරාවට සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්ශනය කෙරුණි.

Last modified on Thursday, 30 July 2020 11:46