April 23, 2024

ඡන්දෙන් පසු මට ඇමතිකමක් පොහොට්ටුව පොරොන්දු වුනා - හිරේ ඉන්න පිල්ලයාන් කියයි Featured

ඉදිරි මහ මැතිවරණයෙන් පසු තමනට ඇමැති ධුරයක් ලබා දීමට පොරොන්දු වී ඇති බව පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පැවසූ බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

දැනට බන්ධනාගාරගතව සිටින ඔහු සඳහන් කර ඇත්තේ මැතිවරණය ජයග්‍රහණය කලහොත් ස්ථිර වශයෙන් ම තමන්ට ඇමති ධූරයක් ලබා දෙන බවට පොදුජන පෙරමුණ පොරොන්දු වී ඇති බවයි.

නැගෙනහිර පලාත නියෝජනය කරමින් මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා දී ඇති ඔහු දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නේ හිටපු දෙමළ සන්ධාන මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙනි.

Last modified on Saturday, 01 August 2020 10:48