තමන් වහන්සේ සැඟවී නැති බවත් වෙනත් කිසිදු භික්ෂුවක් සඟවා ගෙන නැති බවත් පුජ්‍ය අතුරලියේ රතන හිමියන් ඒෂියන් මිරර් වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලදී.
අපේ ජනබල පක්ෂයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටින බවට තමන් වහන්සේට එරෙහිව පොලිසියට කර තිබෙන පැමිණිල්ල පිළිබඳව සිදු කෙරෙන විමර්ශනය සඳහා තමන් වහන්සේ සහභාගී වන බව ද උන්වහන්සේ සඳහන් කරයි.
වෙදිනිගම විමලතිස්ස හිමියන්ව රතන හිමියන් විසින් පැහැරගෙන ගොස් රඳවා ගෙන තිබෙන බවට විමලතිස්ස හිමියන්ගේ සම්බන්ධිකරණ ලේකම් පුජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණිල්ලක් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ෂණය සඳහා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට රතන හිමියන්ට පැමිණෙන ලෙස දන්වා සිටියද උන්වහන්සේ එහි නොපැමිණි හෙයින් කොළඹ දිසාව භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිසක් උන්වහන්සේ වැඩ සිටින රාජගිරිය සඳහන් සෙවන ආරාමයට ගියද එහිද උන්වහන්සේ වැඩ සිටි නැති බවද වාර්තා වෙයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තනතුරක් ලබාදීම සඳහා එකඟතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ නොමැති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
ගාමිණී ලොකුගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
"ඒක ඒ පක්ෂෙන් අහලා බලන්න ඕනෙ. අපේ පක්ෂෙන් නම් තවම එහෙම එකක් නෑ. මේවා ඉතිං ඡන්ද කාලෙත් කිව්වානෙ අරයාට අර ඇමතිකම දෙනවා, අධිකරණ ඇමතිකම දෙනවා, අරයට අර ඇමතිකම හම්බුවෙනවා කියලා. ඡන්ද ගත්තනෙ, දැන් හම්බු නොවුණාමනෙ ප්‍රශ්නෙ මතුවෙලා තියෙන්නෙ. ඡන්ද කාලෙ එක එක්කෙනා ඡන්දෙ ගන්න විවිධ කතන්දර කියනවා" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.
නවවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ලබා දීමට සිදු වුයේ ඒ සඳහා මුලින්ම යෝජනා වුණු ගයන්ත කරුණාතිලක මහතාට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයකගේ දැඩි විරෝධය එල්ල වීම නිසා බව වාර්තා වේ.
නව සැසියට පෙර දින සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කමිටුවක් විසින් ගයන්ත කරුණාතිලක මහතාව පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් කිරීමට තීරණය කොට තිබේ.
ඒ සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා මත ඉකුත් විසිවැනිදා පැවැති නව සැසිය ආරම්භයේ දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කවුරුන්ද යන්න පිළිබඳව නව කතානායකවරයාට දැනුම් දීමට සමගි ජන බලවේගය අපොහොසත් විය.
මංගල සැසිය පැවැත්වීමෙන් පසුව එදින සවස ලක්ෂ්මන් කිරිඇල්ල මහතාව එම ධූරයට පත් කිරීමට සමගි ජන බලවේගයේ බහුතරය සිය කැමැත්ත ප්‍රකාශ කොට තිබේ.
කිරිඇල්ල මහතා යහපාලන රජයේ පාර්ලිමේන්තු සභානායකවරයා ලෙසත් කරුණාතිලක මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසත් කටයුතු කර තිබේ.
මහා සංඝරත්නයේ ඉල්ලීම මත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි.
විශ්වවිද්‍යාල දෙක විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත් කිරීමේ හැකියාව සොයා බැලීමට ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය. ඒවායේ අනන්‍යතාව සුරැකෙන පරිදි අධීක්ෂණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා යටතේ විධිමත්ව සිදුකරන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දෙයි.
ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ 05 වැනි සභා වාරයේ දී ජනාධිපතිවරයා විසින් මේ තීරණය ගනු ලැබීය.
ජනාධිපති උපදේශක සභා වාර 04කදී මහා සංඝරත්නය කළ යෝජනා සහ අනුශාසනා සම්බන්ධයෙන් රජය ගත් ක්‍රියාමාර්ග සහ ඒවායේ ප්‍රගතිය ඉදිරි සභාවේදි ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා පැවසීය.
රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කිරීමේදී බෞද්ධ උපදේශන සභාවේ අනුශාසනා පාදක කරගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී ඉදිරියටත් මහා සංඝරත්නයේ මගපෙන්වීම තමා අපේක්ෂා කරන්නේයැයි කීය. දහම්පාසල්, භික්ෂු අධ්‍යාපනය, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල ඒවායේ උන්නතිය උදෙසා එක් රාජ්‍ය අමාත්‍යාංශයක ඝෘජු අධීක්ෂණයට පත් කළ බව රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ වර්තමාන පිරිවෙන් අධ්‍යාපනයේ ගැටළු නිරාකරණයට හා දහම් පාසල් අධ්‍යාපනය ක්‍රමවත් වැඩපිළිවෙළක් සහ නියාමනය තුළින් ගුණාත්මක තත්ත්වයට පත් කිරීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහයට මහා සංඝරත්නය ප්‍රසාදය පළ කළහ.
මෙවර පාර්ලිමේන්තුවට විපක්ෂ නායක ඇතුළු තනතුරුවලට තෝරාගැනීමේදී අනුගමනය කළ පිළිවෙත රටටම ආදර්ශයක් බව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමියෝ සඳහන් කළහ. පසුගිය රජය සමයේ එම තනතුරුවලට පත්කළ ආකාරය ජනතාව පිළිකුල් සහගතව බලා සිටී බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
අමාත්‍යාංශ සිමා කිරීමට ගත් තීරණය මහජන මුදල් ඉතිරිකිරීමට ඉවහල් වන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියෝ කීහ.
“යහපත් සිහිය” ජීවිතයට ඉතා වැදගත්වන බව පෙන්වා දුන් මිතිරිගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය උඩුඊරියගම ධම්මජීව හිමියෝ එය පාසල් පංතිකාමරයට හඳුන්වාදීමේ වැදගත්කම පෙන්වා දුන්හ.
ගුරු භික්ෂුන් වහන්සේට, දෙමව්පියන්ට සහ සහෝදර සහෝදරියන්ට රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට අග්‍රහාර රක්ෂණ ක්‍රමයට සමාන රක්ෂණයක් හඳුන්වාදීමේ අවශ්‍යතාව මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේ යෝජනා කළහ.
රජයේ රැකියාදීමේදී දහම්පාසල් අවසාන සහ ධර්මාචාර්ය සහතික පත්‍රයට ලකුණු දීමේ ක්‍රමයක වැදගත්කම පූජ්‍ය දිවියගහ යසස්සි හිමියෝ පෙන්වා දුන්හ.
භික්ෂු අධ්‍යාපනය හා බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ කතිකාවතක් හෝ ථෙරවාද බුදු දහම පිළිබඳ සංඝායනාවක් අවශ්‍ය බව මාහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ යෝජනා කළහ.
නව පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු 221 දෙනෙක් ඊයේ (20) නව කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.
මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර මහතා ඊයේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.
එක්සත් ජාතික පක්‍ෂයේ සහ අපේ ජනබල පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රිධුර දෙක සඳහා කිසිවකු නම් නොකිරීම නිසා එම මන්ත‍්‍රී ආසන දෙක ද හිස්ව තිබිණි.
පාර්ලිමේන්තු ඉතිහාසයේ ප‍්‍රථම වරට එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජනයක් නොමැතිව ඇරඹුණු පළමු පාර්ලිමේන්තුව ලෙස 9 වැනි පාර්ලිමේන්තුව සුවිශේෂිත වූ අතර ඉන් බෙදී වෙන් වූ සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු මන්ත‍්‍රීවරු කථානායක අසුනට සමීපව විපක්‍ෂයේ අසුන් ගෙන තිබිණි.
දෙමළ ජාතික සන්ධානය සහ ජාතික ජන බලවේගය (ජනතා විමුක්ති පෙරමුණ) මන්ත‍්‍රීවරු කථානායක අසුනට ඈතින් විපක්‍ෂයේ අසුන් ගෙන සිටි අතර ආසන ප‍්‍රමාණවත් නොවීමෙන් ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක් ද විපක්‍ෂය පැත්තේ පසුපෙළ හි අසුන් ගෙන තිබිණි.
මෙවර කිසිදු භික්‍ෂුන් වහන්සේ නමක් මන්ත‍්‍රීවරයකු ලෙස පත්ව නොසිටියහ. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්‍ෂ සහ මෛත‍්‍රිපාල සිරිසේන යන මහත්වරු ආණ්ඩු පක්‍ෂයේ ඉදිරියෙන් ම අසුන් ගෙන තිබිණි.
දැනට රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටින ශිවනේෂතුරෙයි චන්‍ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා බන්ධනාගාර රැකවල් මත බන්ධනාගාර වාහනයකින් පාර්ලිමේන්තුවට පැමිණ තිබිණි.
නව වැනි පාර්ලිමේන්තුවේ ප්‍රථම සභාවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබේ.
ඒ සඳහා මේ වන විට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ ඇත.
ප්‍රථම සභාවාරය මෙවර උත්සවාකාරයෙන් විවෘත කිරීමක් සිදුනොවන අතර සංස්කෘතිකාංග කිහිපයකට පමණක් සීමා වනු ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පැවසීය.
පළමු සභාවාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Updating...
අභිනව කතානායකවරයාට ජනපති සුබපතයි.
''2/3ක ජනවරමක් ලබාදුන් දේශප්‍රේමී ජනතාවට මම ස්තුති කරනවා'' - ජනපති
''69 ලක්ෂයක් ජනතාවට දුන් පොරොන්දුව කඩ නොකළ බව මේ වන තෙක් මා ඔප්පු කර තිබෙනවා''- ජනපති
''ගුණගරුක, නීතිගරුක සමාජයක් රටේ ගොඩ නැගෙමින් තිබෙනවා '' - ජනපති
''වී ගොවීන්ට නිෂපාදන සඳහා ඉහළ සහතික මිලක් ලබා දුන්නා..'' - ජනපති
''කිසිම හේතුවක් නිසා ජනතා අපේක්ෂා කඩ කරන්නේ නැහැ'' - ජනපති
''අලි මිනිස් ගැටුමට විසඳුම් ලබා දෙනවා'' - ජනපති
19 සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරනවා. අනතුරුව රටට අවශ්‍ය, ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගෙන බවත්, රටේ සියලූම ජනතාවට ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පයට මූලිකත්වයක් දෙන බවත් ජනපති 09 වැනි පාර්ලිමේන්තුව අමතමින් කියයි.
හෙට (21) උදෑසන 9.30 තෙක් පාර්ලිමේන්තුව කල් තැබේ
TMVP නායක සිවනේෂ් තුරෙයි චන්ද්‍රකාන්තන් මහතා නොහොත් පිල්ලෙයාන්ට ඇප ලබා ගැනීමට හැකි වුවහොත් කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දීමට පොදුජන පෙරමුණු රජය සුදානමින් සිටියි.
පසුගිය මහ මැතිවරණයට සිර ගෙදර සිටම නාම යෝජනා භාර දී ඉදිරිපත් වූ පිල්ලෙයාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වී සිටියි.
පිල්ලෙයාන් නායකත්වය දරණ TMVP පක්ෂය පොදුජන පෙරමුණු ආණ්ඩුවට සහය දෙන එහි සන්ධානගත පක්ෂයකි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පිල්ලෙයාන් ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනගාරගතව සිටියි.
පිල්ලෙයාන් මිට පෙර නැගෙනහිර මහ ඇමතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.
මහා මැතිවරණයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරඟ කළ එජාප ජාතික සංවිධායක නවින් දිසානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට ඔහුගේ මාමණ්ඩිය වන හිටපු කතානායක කරු ජයසූරිය මහතා ද සක්‍රියව දායක වී තිබෙන බවට කරුණු අනාවරණය වී තිබේ.
ජයසුරිය මහතා දිසානායක මහතා සම්බන්ධයෙන් ප්‍රධාන පෙලේ නාහිමිවරුන්ගේ ප්‍රකාශ ගෙන ඒවා මැතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළ බවද වාර්තා වේ.
එහෙත් දිසානායක මහතාට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කිරීමට නොහැකි වූ අතර ඔහු තරඟ කළ එජාපය දිස්ත්‍රික්කයේ 04 වන ස්ථානයට පත් විය.
දිසානායක මහතා සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා රුපියල් කෝටි 06කට වඩා වැඩි මුදලක් වියදම් කර තිබෙන බවද සඳහන් වේ.
ඇමති මණ්ඩලය පත් කිරීමේදී විශේෂයෙන් රාජ්‍ය අමාත්‍යාංශය පවරා දීමේදී ඇතැම් මන්ත්‍රීවරු තමන්ට ලැබුණු අමාත්‍ය ධූරය ගැන නොසතුටින් සිටි අතර බලාපොරොත්තු වූ පරිදි අමාත්‍යධූර නොලැබීම සම්බන්ධයෙන් ඇතැමුන් ප්‍රසිද්ධියේත් තවත් අය අප්‍රසිද්ධියේත් සිය විරෝධය දක්වා තිබුණි.
මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම අමාත්‍යවරුන්ට දුරකථන ඇමතුම් දී එම අමාත්‍ය ධුරවල ඵලදායීතාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර දී තිබේ.
දැනට ලබා දී තිබෙන අමාත්‍යාංශ හරහා ඵලදායී ලෙස කටයුතු කරන ආකාරය ගැන ජනාධිපතිවරයා පැහැදිලි කර ඇති බව සඳහන්.
ලොහාන් රත්වත්තේ,රංජිත් සියඹලාපිටිය, විජේදාස රාජපක්ෂ,දයාසිරි ජයසේකර, යන අමාත්‍යවරු කිහිපදෙනෙකුටම එලෙස ජනාධිපතිවරයා කතා කර ඇති බව කියවෙයි.
විශේෂයෙන් විජයදාස රාජපක්ෂ මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ ද නැති අතර කැබිනට් අමාත්‍යධූරයක් නොමැති නිසා දිවුරුම් දීමේ උත්සවයට පැමිණෙන අතරතුර නැවත හැරී ගොස් තිබුණි.
මේ අතර ලොහාන් රත්වත්තේ මහතාද තමන් බලාපොරොත්තු වූයේ ස්වර්ණාභරණ අමාත්‍යධූරය නොව මහා මාර්ග රාජ්‍ය අමාත්‍යධූරය බව වැඩ භාර ගනිමින් ප්‍රසිද්ධියේම පැවසීය.
එමෙන්ම විෂය පථය බෙදීමේදී ඇතැම් විෂයන් සම්බන්ධයෙන් සමාජය තුළ හාස්‍යයක් ගොඩනැගී ඇති අතර ඒ සම්බන්ධයෙන්ද අමාත්‍යවරු සිය අප්‍රසාදය පළ කර තිබේ.
කෙසේවෙතත් දැනට ලබා දී තිබෙන අමාත්‍ය ධූරවල වෙනසක් සිදුනොවන බවද වාර්තා වෙයි.
තවමත් නම් කොට නොමැති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ධූරය සඳහා එම පක්ෂයේ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා පත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට තිබේ.
නානායක්කාර මහතා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී 06 මසක පමණ කාලයකින් පසු ඔහුව එම ධූරයෙන් ඉල්ලා අස්වීමට සලස්වා එම පුරප්පාඩුවට පිරවීමට වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට යෑමේ සැලැස්මක් තිබෙන බවට වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නම් කිරීම සඳහා කල් ඉල්ලීමට වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමට ලිපියක් ද යවා තිබෙන බවට ප්‍රකාශ වේ.
මේ වන විට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මුලිකම අරමුණ වී තිබෙන්නේ එජාප මහ ලේකම් ධුරයෙන් සිය කිට්ටුතම සමීපතමයෙකු වූ අකිල විරාජ් කාරියවසම් මහතාව ඉවත් කිරීම බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.
කාරියවසම් මහතාව දේශපාලනයට ගෙන ඒමේ පටන් මහ ලේකම් ධුරය මෙන්ම අමාත්‍ය ධුරය දක්වා රැගෙන ගියේ රනිල් වික්‍රමසිංහ මහතා තම තනි මතයට වුවද මැතිවරණ පරාජයෙන් පසු කාරියවසම් මහතාගේ ක්‍රියාකලාපය වික්‍රමසිංහ මහතාගේ අප්‍රසාදයට හේතු වී තිබේ.
විශේෂයෙන්ම තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව මාධ්‍යට ප්‍රකාශ කිරීම මෙන්ම ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයට සිය නම දමා එය මැතිවරණ කොමිසමට යවන බවද කාරියවසම් මහතා කළ දැනුම් දීම මත වික්‍රමසිංහ මහතා ඔහුව පක්ෂයේ ලේකම් ධූරයෙන් ඉවත් කිරීමට සුදානම් වන බව වාර්තා වේ.
එජාප මහ ලේකම්වරයා ලෙස කාරියවසම් මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳව ආසනය සංවිධායකවරුන් මෙන්ම හිටපු පළාත සභා මන්ත්‍රීවරුන් සහ දැනට සිටින පළාත් පාලන නියෝජිතයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
කාරියවසම් මහතා ඉවත් කොට එම ධූරයට තමාගේ තවත් කිට්ටුතම සමීපතමයෙකු වන සාගල රත්නායක මහතා පත් කිරීමේ අවශ්‍යතාවයක් වික්‍රමසිංහ මහතාට තිබෙන බවද ප්‍රකාශ වේ.
රත්නායක මහතා ද බොහෝ කලක සිට පක්ෂ ලේකම් ධුරය අපේක්ෂාවෙන් සිටි බව ප්‍රකට කරුණකි.
විවිධ බාධක මැද පොදුජන පෙරමුණ පිහිටුවීමට තමා කළ පරිත්‍යාග ගැන සඳහන් කරමින් එදා තමන් මුහුණ දුන් කරුමය වෙනුවෙන් අද තමාට උරුමය ලැබිය යුතු බවට රෝහිත අබේගුණවර්ධන මහතා කළ ප්‍රකාශයක් ඒෂියන් මිරර් ඊයේ (12) වාර්තා කර තිබිණි. "එදා කරුමයට කර ගැසූ මට අද නිසි උරුමය ඕනේ" - රෝහිත
රෝහිත අබේගුණවර්ධන මහතාගේ එම ප්‍රකාශය මල් ඵල ගන්වමින් කළුතර දිස්ත්‍රික්කයට හිමි වූ එකම කැබිනට් ඇමති ධූරය ඔහුට හිමි විය.
ඒ අනුව වරාය හා නාවික අමාත්‍ය ධුරයේ ඔහු ඊයේ (12) දිවුරුම් දෙන ලදී.
ඒ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මිට පෙර විවිධ කැබිනට් අමාත්‍ය ධුර දැරූ මහින්ද සමරසිංහ මහතා මෙන්ම මෙවර මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණු ලැයිස්තුවෙන් ප්‍රථමයා වූ විදුර වික්‍රමනායක මහතා ද අභිබවමිනි.
මෙවර කැබිනට් අමාත්‍ය හා රාජ්‍ය අමාත්‍ය ධූර පිරිනමද්දී මහින්ද සමරසිංහ මහතාට කිසිවක් නොලැබුණු අතර විදුර වික්රමානයක මහතාට ලැබුනේ රාජ්‍ය අමාත්‍ය ධුරයක් පමණි. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කය ජයන්ත සමරවීර, පියල් නිශාන්ත යන මහත්වරුන්ට රාජ්‍ය අමාත්‍ය ධුර හිමි විය.
නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලබයි.
ඒ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේ දීය.
අමාත්‍යාංශ 28 ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් නව කැබිනට් මණ්ඩලය සමන්විත වේ.
ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපන, සෞඛ්‍ය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් අමාත්‍යංශ ව්‍යුහය සකස් කර තිබේ.
ඒ අනුව අදාළ විෂයන් භාර අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නම් පහතින් දැක්වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ආරක්ෂක අමාත්‍ය
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
නිමල් සිරිපාල ද සිල්වා – කර්මාන්ත කටයුතු අමාත්‍ය
ජී එල් පීරිස් – අධ්‍යාපන අමාත්‍ය
පවිත්‍රා දේවි වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය
දිනේෂ් ගුණවර්ධන – විදේශ අමාත්‍ය
ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
ගාමිණී ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය
බන්දුල ගුණවර්ධන – වෙළෙද අමාත්‍ය
ආර් එම් සී බී රත්නායක – වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය
ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය
චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය
ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය
ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග අමාත්‍ය
විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය
මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය
එස්. එම්. චන්ද්‍රසේන – ඉඩම් අමාත්‍ය
මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය
වාසුදේව නානායක්කාර – ජල සම්පාදන අමාත්‍ය
උදය ප්‍රභාත් ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය
රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය
ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය
රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික අමාත්‍ය
නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය
අලි සබ්රි – අධිකරණ අමාත්‍ය
චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය
ප්‍රියංකර ජයරත්න – විදේශ රැකියා ප්‍රවර්ධන
දුමින්ද දිසානායක – සූර්ය බල, සුළං හා ජලවිවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය
දයාසිරි ජයසේකර – බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය
ලසන්ත අලගියවන්න – සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය
සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ – බන්ධනාගර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය
අරුන්දික ප්‍රානන්දු – පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය
නිමල් ලන්සා – ග්‍රාමීය මාර්ග හා අවශ්‍ය යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
ජයන්ත සමරවීර – ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
රොෂාන් රණසිංහ – ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
කනක හේරත් – සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණ හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
විදුර වික්‍රමනායක – ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය
ජානක වක්කුඹුර – උක්, කජු, බඩඉරිගු, ගම්මිරිස්, කුරුදු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
විජිත බේරුගොඩ – දහම් පාසල්, භික්ෂූ අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය
ෂෙහාන් සේමසිංහ – සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
මොහාන් ද සිල්වා – පොහොර නිෂ්පාදන සහ සැපයුම්, රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය
ලොහාන් රත්වත්තේ – මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
දිලුම් අමුණුගම – වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
විමලවීර දිසානායක – වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙල හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
තාරක බාලසූරිය – කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය
ඉන්දික අනුරුද්ධ – ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
කංචන විජේසේකර – විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු, මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය
සනත් නිශාන්ත – ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන, ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
සිරිපාල ගම්ලත් – මහවැලි කලාප ආශ්රිත, ඇලවේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
සරත් වීරසේකර – පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය
අනුරාධ ජයරත්න – ග්‍රාමීය කුඹුරු හා ආශ්රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
සදාසිවම් වියාලේන්ද්‍රන් – තැපැල් සේවා සහ ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
තේනුක විදානගමගේ – ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
සිසිර ජයකොඩි – දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය
පියල් නිශාන්ත ද සිල්වා – කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය
ප්‍රසන්න රණවීර – වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
ඩී.වී. චානක – ගුවන් සේවා සහ අපනයන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
ඩී බී හේරත් – පශූ සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
ශෂීන්ද්‍ර රාජපක්ෂ – වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
නාලක ගොඩහේවා – නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය
ජීවන් තොන්ඩමන් – වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
අජිත් නිවාඩ් කබ්රාල් – මුදල් හා ප්‍රාග්ධන වෙළදපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය
සීතා අරඹේපොළ – නිපුනතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය
චන්න ජයසුමන – ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය
ජනාධිපති සිහිනය මෙන්ම අගමැති සිහිනය බොඳවී ගිය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දැන් පළාත් සභා සිහිනයකට අවතීර්ණ වී තිබේ.
ඊයේ (10) ප්රථම වතාවට පළාත් සභා මැතිවරණය ගැන කතා කළ සජිත් ප්‍රේමදාස මහතා ඊට සමඟි ජන බලවේගයෙන් නැවුම්, දක්ෂ හා පිළිගත් වෘතියන්ගෙන් යෙදෙන තරුණ පිරිසකට අවස්ථාව ලබා දී ජයග්‍රහණය කරා ගමන් කරන බව හෙළිදරව් කරන ලදී.
මිට පෙර ජනපති හා අගමැති ධූර වලට පත් වී තමන් ජනතාවට ඉටු කරන සේවාව පිළිබඳව පොරොන්දු දෙමින් උදම් මැණු සජිත් ප්‍රේමදාස මහතා තවමත් කිවෙකුත් කතා නොකරනපළාත් සභා ගැන කතා කිරීම තවත් අන්ත පරාජයක පෙරනිමිත්තක් බැව් පෙනෙන්නට තිබේ.