April 23, 2024

"එදා කරුමයට කර ගැසූ මට අද නිසි උරුමය ඕනේ" - රෝහිත Featured

පොදුජන පෙරමුණ පිහිටු වූ අවස්ථාවේ එල්ල වූ අභියෝගයන්ට නොබියව මුහුණ දුන්නේ තමා ඇතුළු කිහිපදෙනෙකු බැවින් කැබිනට් ඇමති ධුර ලබා දීමේදී එදා ඒ කරුමයට කර ගැසූ තමන්ට ඒ නිසි උරුමය ලැබී යුතු බව පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික් නායක රෝහිත අබේගුණවර්ධන මහතා අවධාරණය කොට තිබේ.

නෙලුම් මාවතේ පොදුජන පෙරමුණු කාර්යාලය ආරම්භ කළ අවස්ථාවේ ඊට අවශ්‍ය පුටු ටික අසල කඩයකින් ගෙන ආවේ තමන් බව පවසන අබේගුණවර්ධන මහතා එදා ඒ අවස්ථාවේ රේණුක පෙරේරා හා ජයන්ත කැටගොඩ යන මහත්වරුන් ද විශාල කැප කිරීමක් කළ බව ප්‍රකාශ කරයි.

එදා අභියෝග මැද පොදුජන පෙරමුණ පිහිටුවීමට කළුතර දිස්ත්‍රික්කයෙන් තමා සමඟ කුමාර වෙල්ගම මහතා මුල් වූ බව ප්‍රකාශ කරන අබේගුණවර්ධන මහතා අද වෙල්ගම මහතා පොදුජන පෙරමුණේ නොමැති නිසා තමන්ට දිස්ත්‍රික්කයේ නිසි උරුමය ලැබිය යුතු බව පෙන්වා දෙයි.

පොදුජන පෙරමුණු රැලි වලට බස් රථ සිය ගණන් තමා ගෙන එද්දී දිස්ත්‍රික්කයේ ඇතමුන් කළේ තමන්ගේ මනාප එකතු කර ගැනීමට කටයුතු කිරීම බවද ඔහු ප්‍රකාශ කරයි.

ඔහු මෙම අදහස් පළ කර තිබෙන්නේ සිය මැතිවරණ ව්‍යාපාරයට සහය දුන් සිය සමීපතමයින් අමතමිනි.

මෙවර මහා මැතිවරණයේදී අබේගුනවර්ධන මහතා කළුතර දිස්ත්‍රිකක්යෙන් පොදුජන පෙරමුණු ලැයිස්තුවෙන් දෙවැනි තැනට පත් විය.

Rate this item
(2 votes)