May 03, 2024
Main

Main (651)

කිසිදු පූජනීය ස්ථානයක ඓතිහාසික උරුමයට හෝ පුරාවිද්‍යාත්මක වටිනාකම්වලට හානි සිදු කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එවැනි ස්ථාන ජාතික උරුමයන් සේ සලකා ආරක්ෂා කරන බව ජනාධිපතිවරයා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේ පැවති ජනාධිපති බෞද්ධ උපදේශක කාරක සභාවේ සිව්වන සභාවාරය සඳහා සහභාගි වෙමිනි.

පුරාවස්තු සංරක්ෂණය සහ සංවර්ධනය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කිරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව පනතට අවශ්‍ය සංශෝධන පිළිබඳව සොය බැලීම සඳහා මහා සංඝරත්නයෙන් සහ පුරාවිද්‍යා විෂය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම කෙරෙහිද අවධානය යොමුව තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ තිබෙන පුරප්පාඩු සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගේ අවධානය‍ යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරණයෙන් පසු තුනෙන් දෙකේ ආණ්ඩු බලයක් ලබාගෙන ව්‍යවස්ථාව වෙනස් කිරීම පිළිබඳව කතා කළ පොහොට්ටුව දැන් ඒ පිළිබඳව කත නොකරන බව සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

මේ වනවිට තුනෙන් දෙක තබා පාර්ලිමේන්තුවේ බහුතරය බලය දිනා ගැනීමද පොදුජන පෙරමුණට ගැටලුවක් වී ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

ඔවුන්ගේ අලුත්ම අභියෝගය වී තිබෙන්නේ කෙසේ හෝ සාමාන්‍ය බහුතර බලය ලබා ගැනීම බවත්, එසේ නැතහොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂය සමග එකතු වී ජාතික ආණ්ඩුවක් ගොඩනැගීම පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින බව විජයමුණි සොයිසා මහතා පවසයි.

මේ නිසා දැන් මහ මැතිවරණයේ ගේම සපෝරු වී ඇති බවත්, අගෝස්තු 05 වැනිදා වනවිට ‍පොහොට්ටුවේ ජාතික ආණ්ඩු සිහිනයද බොඳවන බව ඔහු පෙන්වා දෙයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවේ දෙවැනි ඉලක්කය බවට පත්ව තිබී ඇත්තේ, දළදා පෙරහැර බව පාස්කු ජනාධිපති කොමිසමේ දී අනාවරණය වුණි.

කොමිසම හමුවේ සාක්ෂි දුන් බුද්ධි නිලධාරියකු පැවසුවේ, ඊට අවශ්‍ය ඇඳුම් පවා ත්‍රස්තවාදීන් සූදානම් කරගෙන තිබූ බවය.

සයින්දමර්දුහි නිවසේ දී මියගිය පුද්ගලයින් 12 දෙනෙකු මෙලෙස දෙවන ප්‍රහාරයක් සඳහා සුදානම්ව සිට ඇති බවත් අගෝස්තු මස තෙක් සැඟව සිටීමට මොවුන් අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරක්ෂක නිවාස 08ක් මිලදී ගෙන තිබු බවත් බුද්ධි නිලධාරියා ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් කළේය.

පළමු ප්‍රහාරයෙන් පසු රාජ්‍ය බුද්ධි සේවය සිදුකළ මෙහෙයුම් ඔස්සේ දෙවන ප්‍රහාරය වළක්වා ගැනීමට හැකිවු බවත් යම් හෙයකින් දළදා පෙරහැර ඉලක්ක කර දෙවන ප්‍රහාරයක් සිදු වුයේ නම් සිදුවිය හැකිව තිබු විනාශය සිතා ගැනීමට පවා නොහැකි බව බුද්ධි නිලධාරියා සාක්ෂි දෙමින් කියා සිටියේය.

මේ අතර ප්‍රහාරය පිළිබඳව ඉන්දීය "රෝ" සේවයට තොරතුරු ලබාදී ඇත්තේ, සහරාන් ත්‍රස්ත කණ්ඩායමේ සාමාජිකයෙකු බව ද ඔහු කොමිසම හමුවේ අනාවරණ කළේය.

සයින්දමර්දුහි වොලිවේරියන් ග්‍රාමයේ නිවසක් තුළ පසුගිය වසරේ අප්‍රේල් මස 26 වන දින සිදුවු පිපිරීම් මාලාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම සිදුකරන විමර්ශනවලට අදාළව නැගෙනහිර පළාතේ සේවයේ නියුතු රාජ්‍ය බුද්ධි සේවයේ බුද්ධි නිලධාරියෙකු කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේය.

එහිදී ඔහු සඳහන් කළේ මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කළ හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ශිබ්ලි ෆාරුක් නැමැති පුද්ගලයා,  ජාතික තවුහිද් ජමාත් සංවිධානයට ප්‍රබල ලෙස දේශපාලනිකව ආධාර අනුබල දී ඇති බවය.

අදාළ මන්ත්‍රීවරයාගේ රියැදුරා ලෙස සහරාන්ගේ ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රබල සමාජිකයෙකු වු ආමි මොහිදින් 2015-2016 කාල වකවානුව තුළ කටයුතු කර තිබේ.

සාක්ෂිකරු පැවසුවේ, 2017 මාර්තු මස 10 වැනිදා ආලියාර් මංසන්දියේ පැවැති ගැටුමක දී ශිබ්ලි ෆාරුක් විසින් ගැටුමට මැදිව සිටි සහරාන් හෂිම් ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කොට ආරක්ෂාව සපයා ඇති බවය. 

වැඩිදුරටත් කරුණු අනාවරණය කළ සාක්ෂිකරු සඳහන් කළේ ආලියාර් ගැටුම සම්බන්ධයෙන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවේ දී සහරාන් පාර්ශවය වෙනුවෙන් නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙනී සිට ඇති බවය.

එම නඩුව වෙනුවෙන් කොළඹ සිටි නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කැඳවාගෙන ගොස් ඇත්තේ අබ්දුල් කාදර් අන්සාර් නැමැති සහරාන් හෂිම්ගේ බිරිඳගේ සහෝදරයා බව බුද්ධි නිලධාරියා සඳහන් කළේය.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කර සිටියේ සාරා ජෙස්මින් නැමැත්තියක් හඳුන්නනේද? යන්නයි.

එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගත් අච්චි මුහම්මදු  හස්තුන් නැමැත්තාගේ බිරිඳ සාරා ජෙස්මින් බවය.

කලවන්චිකුඩි, තේතාතිව් ප්‍රදේශයේ උපත ලැබු දමිළ කාන්තාවක් වූ ඇය ඉස්ලාම් ධර්මයට හරවා හස්තුන්ට විවාහ කර දී ඇත්තේ, අබ්දුල් රාසික් නැමැති  පුද්ගලයා බව සාක්ෂිකරු කියා සිටියේය.

ඇයට ජාතික හැඳුනුම්පත් දෙකක් ඇති අතර ඉන් පළමුවැන්න පුලස්තිනි මහේන්ද්‍රන් යන නමට 965672702V අංකයටද, දෙවැන්න සාරා ජෙස්මින් යන නමට 199656702702 යන අංකයටද ලියාපදිංචි වී ඇති බව බුද්ධි නිලධාරියා හෙළිදරව් කළේය.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ සාරා ජෙස්මින් සෛයින්දමර්දු පිපිරීමෙන් මියගියේද නැතිනම් ජීවත්ව සිටින්නේද යන්නය.

සාක්ෂිකරු මෙහිදී පැවසුවේ, එම පිපිරීමෙන් ඇය මියගිය බවට රාජ්‍ය බුද්ධි සේවයද සැක පළ කළත් පසුව සිදුකළ DNA පරීක්ෂණවලදී ඇය මියගිය බවක් අනාවරණය නොවු බවය.

පසුව ඇය සෙවීම සඳහා කරන ලද පරීක්ෂණවලදී සයින්දමර්දු පිපිරීමෙන් පසුව සාරා ඇසින් දුටුවන්ගේ සාක්ෂි සටහන් කර විශේෂ වාර්තාවක් 2020 මැයි මස 31 වන දින රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධාන කාර්යාලයට යොමු කළ බව බුද්ධි නිලධාරියා පැවසීය.

පාස්කු ප්‍රහාරය ගැන ඉන්දියාව දැනගත් හැටි

මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ඉන්දියාවේ "රෝ" බුද්ධි සේවය අප්‍රේල් 04 සහ 20 වන දින නිශ්චිත බුද්ධි තොරතුරු මඟින් අනතුරු ඇඟවීමක් කර ඇති පසුබිමක එවැනි නිශ්චිත තොරතුරක් ඔවුන් ලබාගන්නට ඇත්තේ කුමන මාර්ගයකින්ද යන්නය.

ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු කියා සිටියේ ප්‍රහාරයෙන් පසු සහරාන් හෂීම්ගේ ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ 97 දෙනෙකුගෙන් පමණ තමන් ප්‍රශ්න කළද, එයින් පාස්කු ප්‍රහාරය පිළිබඳ පෙර දැන සිටියායැයි තහවුරු වූයේ සහරාන්ගේ බිරිද හාදියා සහ සහරාන් සමීපව ඇසුරු කළ නව්ෆර් මව්ලවි පමණක් බවය.

ඒ අනුව රහසිගතව සැළසුම් කරන ලද මෙම ප්‍රහාරය පිළිබඳ බාහිර පාර්ශවයකට තොරතුරු අනාවරණය කරගත හැක්කේ ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ පුද්ගලයෙකුගෙන් පමණක් බව සාක්ෂිකරු අවධාරණය කළේය.

ඔහු මෙහිදී පෙන්වා දුන්නේ, වර්තමානය වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සහරාන් හෂීම්ගේ බිරිඳ ලබා දී ඇති ප්‍රකාශ අනුව සාරා ජෙස්මින් මෙම ප්‍රහාරය පිළිබද සියලු තොරතුරු දැන සිට ඇති බව අනාවරණ වූ බවය.

ඒ පිළිබඳ වැඩිදුරත් පැහැදිලි කරමින් සාක්ෂිකරු කියා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් පසු අප්‍රේල් මස 23 වන දින සහරාන්ගේ බිරිඳ හාදියා සහ හස්තුන්ගේ බිරිඳ සාරා, නින්දවුර් නිවසේ දී හමුවී ඇති අතර එහිදී සාරා විසින් හස්තුන් එවා තිබු ප්‍රහාරයට දිවුරුම් දුන් අවස්ථාවේ ලබාගත් ඡායාරූප හාදියාට පෙන්වා ඇති බවය.

ඒ අනුව හස්තුන් හරහා ප්‍රහාරයේ සියලු තොරතුරු පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් දැන සිටින්නට ඇති බව සාක්ෂිකරු ජනාධිපති කොමිසමේ අවධානයට යොමු කළේය.

මෙහිදී කොමිසමේ සාමාජිකයෙකු ප්‍රශ්න කළේ, පාස්කු ප්‍රහාරයෙන් පසු ඔත්තුකරුවා නිරුපද්‍රිතව සිටියේ නම් එම පුද්ගලයා බේරාගැනීමට රෝ ඔත්තු සේවය කටයුතු කර ඇත්ද යන්නය. 

එහිදි බුද්ධි නිලධාරියා සඳහන් කළේ, තමන් කිසියම් මෙහෙයුමක් සඳහා ඔත්තුකරුවෙකු යෙදවුවේ නම් අනිවාර්යයෙන්ම මෙහෙයුම අවසානයේ ඔත්තුකරු නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කරන බවය.

මෙහිදී ජනාධිපති කොමිසම හමුවේ විශේෂ අනාවරණයක් කළ සාක්ෂිකරු කියා සිටියේ පාස්කු දෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට ත්‍රස්තවාදින්ගේ පැහැදිලි සැළසුමක් තිබු බව විමර්ශනවලින් අනාවරණ වූ බවය. 

පුරාවිද්‍යාත්මක ආඥා පනතට පටහැනිව සීගිරියේ ඉදි කිරීමක් කිරීමට තමන්ගෙන් යහපාලන රජයේ හිටපු සංස්කෘතික අමාත්‍යවරයෙකු අවසර ඉල්ලු බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා විසින් කර තිබෙන හෙළිදරව්ව මේ වන විට සමාජයේ දැඩි අවධානයට ලක්ව තිබේ.

ඒ සම්බන්ධයෙන් වූ හඩ පටද තමා සතුව තිබෙන බවත් තමන් එසේ කළේ තමන්ගේ ආරක්ෂාවට බවත් පවසන පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඉදිරියේදී එම හඬ පට ප්‍රසිද්ධ කිරීමට සූදානම් බවද සඳහන් කරයි.

මේ සිද්ධියට සම්බන්ධ හිටපු සංස්කෘතික අමාත්‍යවරයා කවුදැයි යන්න සමාජයේ දැඩි අවධානයක් යොමුව තිබේ.

එම අමාත්‍යවරයා යහපාලන රජයේ මුල් භාගයේ සංස්කෘතික අමාත්‍ය ධුරය දැරූ අකිල විරාජ් කාරියවසම් මහතා බැව් දැන් හෙළිදරව් වී තිබෙන්නේ ඔහු එම චෝදනාවන්ට උත්තර දීමට ඉදිරිපත් වීමත් සමඟය.

අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා දුශිතයෙකු බැවින් ඔහුව එම තනතුරෙන් ඉවත් කිරීමට තමා රාජ්‍ය සේවා කොමිසන් සභාවට යෝජනා කර තිබු බවය.

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසය තුළ වෙන කරදාකටවත් වඩා මෙවර මහා මැතිවරණය වෙනස්ම මුහුණුවරක් ගෙන ඇත. එයට හේතුව වී ඇත්තේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ ඇති වී තිබෙන සෞඛ්‍යයම ගැටලුය.

ඒ නිසාම බොහෝ දේශපාලනඥයින්ට තමන්ගේ මැතිවරණ කටයුතු සුපුරුදු පරිදි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

කොරෝනා වෛරස් ව්‍යාප්ත හා සමානවම දේශපාලනඥයින්ට තවත් ගැටලුවක් වී ඇත්තේ පෝස්ටර් ඡන්ද කැම්පේන් ව්‍යාපාරය කර ගැනීමට නොහැකිව තිබීමයි. එයටද හේතුව වී තිබුණේ රටේ තරුණ තරුණියන් විසින් රට පුරාම ප්‍රසිද්ධ ස්ථානයන් හී ඇති තාප්ප, ලයිට් කනු වැනි බොහෝ ස්ථානයන් හී සිතුවම් ඇඳ තිබීමයි.

මේ හේතුවෙන්ම දේශපාලනඥයින් බොහෝමයක් තමන්ගේ ඡන්ද ව්‍යාපාරයන් ෆේස්බුක් වැනි සමාජජාල ඔස්සේ සිදු කිරීමට කටයුතු කරමින් සිටියි.

ශ්‍රී ලංකාව තුළ දුරකථන භාවිත කරන පිරිසගෙන් 75.54%ක පිරිසක් ෆේස්බුක් සමාජජාලය තුළ සැරිසරන බව Stat Counter Global Stats වෙබ් අඩවියේ 2019 වසරේ ජුනි මාසයේ සිට 2020 වසරේ ජුනි මාසය දක්වා වාර්තා අධ්‍යයනය කිරීම තුළින් දැක ගත හැකිය. ඒ නිසාම දේශපාලනඥයින්ට තමන්ගේ ඡන්ද ව්‍යාපාරය ෆේස්බුක් වැනි සමාජජාල වෙබ් අඩවියක් ඔස්සේ කිරීම තරමක වාසි දායක කටයුත්තක් වී තිබේ.

තමන්ගේ නමින් ඇති ෆේස්බුක් පුද්ගලික ගිනුමක් හරහා ක්‍රියාත්මක වන ෆේස්බුක් පිටුවකට දැන්වීමක් දමා යම් මුදල් ප්‍රමාණයක් ගෙවීම මඟින් ෆේස්බුක් ආයතනය එම දැන්වීම විශාල පිරිසක් වෙතට ප්‍රචාරය කිරීම සිදු කරයි. ගෙවන මුදල් ප්‍රමාණය වැඩි වීම තුළින් හා දැන්වීම පළ කරන දින ගණන අනුව ඉතාමත් විශාල පිරිසක් හට මෙම දැන්වීම ප්‍රචාරය කිරීමටද හැකියාවක් ලැබේ.

ඒ අනුව මෙම මැතිවරණ සමයේ දී එලෙස මෙරට දේශපාලනඥයින් විසින් ඡන්දය ප්‍රකාශයට පත් කොට ඡන්ද ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමඟ මේ වන විට ඡන්ද දැන්වීම් 13,728ක් ඇමෙරිකානු ඩොලර් 194,843 ක මුදලක් වැය කරමින් ෆේස්බුක් ආයතනයේ පළ කරවා ඇත. මෙම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් 3,61,85,084.12 එය ආසන්න වශයෙන් රුපියල් කෝටි 4කට ආසන්න මුදලකි.

මෙම සියලු දත්තයන් ෆේස්බුක් ආයතනය විසින් ප්‍රසිද්ධ කර තිබේ. එයට හේතුව වී ඇත්තේ පසුගිය කාලය දී ශ්‍රී ලංකා මෙන්ම තවත් බොහෝ රටවල් ප්‍රමාණයක දේශපාලනමය, ආගමික හා සමාජය තුළ වෛරීය ප්‍රකාශයන් හා දේශපාලනමය කාරණයන් බොහෝමයක් මුදල් ගෙවා ප්‍රචාරය කිරීම මඟින් සිදු වු සමාජමය ගැටලුය. ඒ නිසාම ෆේස්බුක් ආයතනයට ඇමෙරිකානු සෙනට් සභාව ඉදිරියේ වග උත්තර බැඳීමටද සිදුවිය.

එම නිසාම ෆේස්බුක් ආයතනය විසින් දේශපාලනමය හෝ එවැනි කාරණයන් සඳහා වූ ෆේස්බුක් පිටුවල දැන්වීම පළ කිරීමේ දී ඒවායේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම ඇතුළු බොහෝ විස්තර ප්‍රමාණයක් ලබා ගැනීමට කටයුතු යොදා තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ෆේස්බුක් ආයතනය විසින් ලෝකයේ ඕනෑම රටක දේශපාලනය හෝ එවැනි අදහස් පළ කරන පිටුවල දත්තයන් සීමිත ප්‍රමාණයක් මෙලෙස ප්‍රසිද්ධ කර තිබේ.
මේ ආකාරයට ඇමෙරිකානු ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එක් සතියක් තුළ පමණක් ඇමෙරිකානු ඩොලර් 2,021,066 ක මුදලක් ගෙවමින් ෆේස්බුක් හරහා ප්‍රචාරණයක් ලබා ගෙන තිබේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 38ක පමණ මුදලකි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා හා ගත් කළ මෙරට දේශපාලනඥයින් අති විශාල මුදලක් වැය නොකර තිබුණත් ඔවුන් ෆේස්බුක් හරහා තමන්ගේ ඡන්ද ව්‍යාපාරය වැඩි මුදලක් වියදම් කරමින් කරගෙන යනු ලබයි. ඉදිරියේ දී ඉහත කී මුදල් ප්‍රමාණයන් වෙනස් වනු ඇත. 

මේ දිනවල ආන්දෝලනයකට ලක්ව ඇති කුරුණෑගල ගොඩනැගිල්ල බුවනෙක හෝටලය ආරම්භ කිරීම සදහා 35 වසරක බදු පදනම හටතේ ලබා දුන්නේ හිටපු එජාප ඇමතිවරයෙකු වන ගාමිණි ජයවික‍්‍රම පෙරේරා විසින් බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

කුරුණෑගල නගර සභාවේ සියලු මන්ත්‍රීවරුන් එක්ව පොදු තීරණයක් ගෙන එම ගොඩනැගිල්ල ආපසු පවරා ගත් බවද ඔහු පැවසීය.

එම හෝටලය චන්ද්‍රසේන යන අයෙක්ට බදු පදනම යටතේ ලබාදී තිබු බවත් දැන් කියනා කාරණා අනුව බුවනෙකබාහු රජතුමා වී ඇත්තේ ලී මඩුවේ දන්දරේගෙ පුතා බවත් ඇමතිවරයා කියයි.

තමන් කුරුණෑගල නායක ලෙස සිටින තාක්කල් කුරුණෑගල නගරාධිපතිවරයා ඉවත් කිරීමට කිසිවකුට ඉඩ නොතබන බවත් ඔහු සඳහන් කළේය.

කුරුණෑගලදී පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් කරනු ලැබීය.

ජනප්‍රිය නිළි ගීතා කුමාරසිංහ මහත්මිය ගාල්ල දිස්ත්‍රික් පොදුජන පෙරමුණු කණ්ඩායම් නායක දොස්තර රමේෂ් පතිරණ මහතාට එරෙහිව වාග් ප්‍රහාරයක් එල්ල කරමින් සිටින බව අනාවරණය වේ. ඒ මනාප ප්‍රශ්නයක් මුල් කරගෙනය.

රමේෂ් පතිරණ මහතා තමාට හා මොහාන් ද සිල්වා මහතාට පමණක් මනාප ලබා දෙන ලෙස රැස්වීම් වල කළ ඉල්ලීමක් මුල් කරගෙන කුමාරසිංහ මහත්මිය මෙම පියවර ගෙන තිබේ.

ලංකාවෙන්ම පළවෙනියා වෙන්න එයා ට්‍රියි. එයා අහවලාට අහවලාට ජන්දය දෙන්න කියනකොට අපි මනාප ලබා ගන්නේ කෙසේද යන්න ඇය ප්‍රශ්න කරයි.

කුමාරසිංහ මහත්මිය මෙවර ගාලු දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණු ලැයිස්තුව යටතේ තරග වදී.

දේශපාලන ලේකම්වරුන් කළ ඉල්ලීම මැතිවරණ කොමිසම විසින් ප‍්‍රතික්‍ෂේප කර ඇත. මැතිවරණ කොමිෂන් සභා නිලධාරීන් හා මහ මැතිවරණයට තරග කරන දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් අතර පැවැති සාකච්ජාවේ දී මෙම ඉල්ලීම කර තිබිණි.
 
මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය සිදු කිරීමේදී දේශපාලන පක්‍ෂවලට හා අපේක්‍ෂකයන්ට දැඩි ප‍්‍රශ්නවලට මුහුණදීමට සිදුව ඇතැයිද අපේක්‍ෂක අංකය ප‍්‍රචාරය කිරීමට ද අසීරු වී ඇතැයි ද මේ නිසා නීති ලිහිල් කරන ලෙස ද පක්‍ෂ ලේකම්වරු ඉල්ලීමක් කර ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති කොමිසමේ සභාපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ නීතිය කි‍්‍රයාත්මක කිරීම තම වගකීමක් බවත් සංශෝධන කළ නොහැකි බවත් අපේක්‍ෂකයන්ට ප‍්‍රචාරක කටයුතු කිරීමට විවිධ අවස්ථා ලබා දී ඇති බවත්ය.
 
ඉදිරි මැතිවරණයේ ආරක්‍ෂක කටයුතු” ඡන්ද විමසීම” ගණන් කිරීම” ප‍්‍රතිඵල නිකුත් කිරීම කරන ආකාරය පිළිබඳවත් මෙහිදී සභාපතිවරයා ලේකම්වරු දැනුවත් කර ඇති අතර ඊට සියලූ පක්‍ෂවල සහාය ලබා දෙන ලෙස ඉල්ලා ඇත..

එළැඹෙන මහා මැතිවරණය සඳහා කරන ප්‍රචාරක කටයුතුවලදී පොදුජන පෙරමුණ මැතිවරණ නීතිරීති මෙන්ම නිරෝධායන නීතිරීති කඩකරමින් කටයුතු කිරීම පිළිබඳව මැතිවරණ කොමිසමට දැනුම් දීම තේරුමක් නැති වැඩක් බව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකු ද වන ඔහු සඳහන් කරන්නේ මැතිවරණ කොමිසම ආණ්ඩුවට පක්ෂපාතීව කටයුතු කරන බැවින් පොදුජන පෙරමුණට එරෙහිව පැමිණිලි කිරීමෙන් ඵලක් නැති බවය.

මේ නිසා සමගි ජනබලවේගයේ අපේක්ෂකයන් කළ යුතුව තිබෙන්නේ රාජපක්ෂලා සමඟ ඡන්ද කරන හැටි ඉගෙන ගෙන ඒ අනුව ඡන්ද කිරීම බවද ඔහු පෙන්වා දෙයි.

මෛත්‍රී ගුණරත්න මහතා මේ අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමඟ සංවාදයකට එක්වෙමිනි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සාමාකාමීව පැවැති බවත් ඡන්දය භාවිතා කිරීම හොඳ මට්ටමක පැවැති  බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඒෂියන් මිරර් වෙත පැවසීය.

මොණරාගල, ගාල්ල වැනි ස්ථාන කිහිපයක පමණක් සිද්ධීන් කිහිපයක් වාර්තා වූ බවත් ඡන්දය ප්‍රකාශ කිරීම ඡායාරූප ගත කිරීම, තැපැල් ඡන්ද මධ්‍යස්ථාන අවට ඡන්ද ලකුණු සහිත කාඩ් බෙදා හැරීම වැනි සිද්ධීන් වාර්තා වූ බවත් ඔහු සඳහන් කළේය.

ඡන්ද මධ්‍යස්ථාන සෞඛ්‍ය නිර්දේශ අනුකූලව සකස් කර තිබූ බවත් ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල සෞඛ්‍ය නිලධාරීන් නොසිටි බවට වාර්තා වූ බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මේ අතර ඡන්ද පොල නියෝජිතයින්ගේ පැමිණීම සමස්ථයක් ලෙස සියයට 75ක් ප්‍රතිශයක් ලෙස පෙන්නුම් කළ බවත් ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පොල නියෝජිතයින්ගේ පැමිණීම සියයට 51ක් සහ සමගි ජන බලවේගයේ නියෝජිතයින්ගේ පැමිණීම සියයට 32ක් ලෙස වාර්තා වූ බවට නිරීක්ෂණය වූ බවත් හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද සළකුණු කිරීම පසුගිය 13වනදා ආරම්භ විය.

ඒ අනුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල කාර්ය මණ්ඩල සාමාජිකයින්ට පමණක් එදින පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව ලබාදී තිබූ අතර රාජ්‍ය ආයතන සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම 14 සහ 15 යන දෙදින තුළ සිදු කෙරිණි.

එමෙන්ම ආරක්ෂක හමුදා, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්දදායකයින්ට ඊයේ (16) සහ අද( 17) යන දෙදින තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව ලබාදී ඇති අතර නොවැලැක්විය හැකි හේතුවක් මත ලබා දී ඇති නියමිත දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට ලබන 20 සහ 21 යන දිනවල අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලදී තැපැල් ඡන්දය භාවිත කිරීමට පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබේ. 

මේවන විට නිල නොවන මට්ටමනින් වාර්තා වන ආකාරයට තැපැල් ඡන්දය භාවිතා කිරීම සියයට 85 ඉක්මවා ගොස් තිබේ. කොවිඩ් 19 අවදානම මැද මේ ආකාරයට ඡන්දය භාවිතා කිරීමට තැපැල් ඡන්දදායකයින් පෙළඹී සිටීමද ඉතා වැදගත් කාරණයක් වේ.

මේ අතර මේවන තෙක් භාවිතා කර ඇති තැපැල් ඡන්ද අනුව සියයට 75ක බහුතර ප්‍රතිශතය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ප්‍රකාශ කර ඇති අතර දෙවැනි ස්ථානයට සමගි ජනබලවේගයට ඡන්දය භාවිතා කර ඇතැයි නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කළේය.