May 17, 2024

කෙහෙල් කැනට කලින් අකිල වැට පනී - සීගිරියේ චෝදනාව භාර ගනී Featured

පුරාවිද්‍යාත්මක ආඥා පනතට පටහැනිව සීගිරියේ ඉදි කිරීමක් කිරීමට තමන්ගෙන් යහපාලන රජයේ හිටපු සංස්කෘතික අමාත්‍යවරයෙකු අවසර ඉල්ලු බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා විසින් කර තිබෙන හෙළිදරව්ව මේ වන විට සමාජයේ දැඩි අවධානයට ලක්ව තිබේ.

ඒ සම්බන්ධයෙන් වූ හඩ පටද තමා සතුව තිබෙන බවත් තමන් එසේ කළේ තමන්ගේ ආරක්ෂාවට බවත් පවසන පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඉදිරියේදී එම හඬ පට ප්‍රසිද්ධ කිරීමට සූදානම් බවද සඳහන් කරයි.

මේ සිද්ධියට සම්බන්ධ හිටපු සංස්කෘතික අමාත්‍යවරයා කවුදැයි යන්න සමාජයේ දැඩි අවධානයක් යොමුව තිබේ.

එම අමාත්‍යවරයා යහපාලන රජයේ මුල් භාගයේ සංස්කෘතික අමාත්‍ය ධුරය දැරූ අකිල විරාජ් කාරියවසම් මහතා බැව් දැන් හෙළිදරව් වී තිබෙන්නේ ඔහු එම චෝදනාවන්ට උත්තර දීමට ඉදිරිපත් වීමත් සමඟය.

අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා දුශිතයෙකු බැවින් ඔහුව එම තනතුරෙන් ඉවත් කිරීමට තමා රාජ්‍ය සේවා කොමිසන් සභාවට යෝජනා කර තිබු බවය.

Last modified on Thursday, 23 July 2020 07:30