April 18, 2024

කොරෝනා දෙවැනි රැල්ලට හේතුව හෙළිවෙයි - වෛද්‍ය අනිල් ජාසිංහගෙන් රතු එලියක් Featured

රට විවෘත කිරීමෙන් පසු ජනතාව, දේශපාලනඥයන්, ආයතන සහ විවිධ ක්ෂේත්‍ර සීමාව ඉක්මවා කටයුතු කිරීම කොවිඩ් -19 වයිරසය යළි ව්‍යාප්ත වීමට හේතුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා හරිමින් කටයුතු කළ ආකාරයක් දක්නට ලැබුණු බව ඔහු අවධාරණය කරයි.

ආර්ථිකය ගොඩ නැගීම, දෛනික ජීවිතය පවත්වාගෙන යාම යන කරුණු සැලකිල්ලට ගනිමින් රට විවෘත කළ බවද එහෙත් ජනතාව දේශපාලනඥයන් සහ ආයතන එය සැහැල්ලුවට ගත් බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි. 

කෙසේ වෙතත් මෙම තත්ත්වය පාලනය කළ හැකි බවද ඒ සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

කොවිඩ් -19 තාක්ෂණික කමිටුවද රැස්වී පාලනය කිරීම සඳහා තීන්දු තීරණ රැසක් ගත් බවත්, ඒවා ක්‍රියාත්මක කිරීමේදී ජනතාවගේ, දේශපාලනඥයන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බවද ඔහු පැවැසීය.

Last modified on Monday, 13 July 2020 09:36