May 03, 2024

තත්වය බරපතලයි ! වෛද්‍ය සංගමය : තත්වය බරපතල නෑ ! නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ Featured

යලි මතු වී තිබෙන කොරෝනා වසංගත තත්වය බරපතල තත්වයක් කරා ගමන් කරනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

කොරෝනා මුල් රැල්ලේදී ලද අඩුපාඩු නිවැරදි නොකර ගැනීම මෙම දෙවෙනි රැල්ලට හේතුව බවද එම සංගමය සඳහන් කරයි.

මේ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ කොරෝනා නව රැල්ල කිසිසේත්ම බරපතල නොවන බවත් එය මර්ධනය කිරීමට රජයට මෙන්ම සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වලට හැකි බවය.

කන්දකාඩුවෙන් මතුව තිබෙන්නේ 32 වෙනි කොරෝනා පොකුර බව පෙන්වා දෙන ඔහු එහි ආශ්‍රිතයන් සියල්ලන්ම මේ වන විට හඳුනාගෙන අවසන් ඇති බවද සඳහන් කරයි.

Last modified on Thursday, 16 July 2020 13:04