May 17, 2024

මින්පසු පුරාවිද්‍යා ස්ථානවලට අත තියනු බෑ - ජනපති Featured

කිසිදු පූජනීය ස්ථානයක ඓතිහාසික උරුමයට හෝ පුරාවිද්‍යාත්මක වටිනාකම්වලට හානි සිදු කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එවැනි ස්ථාන ජාතික උරුමයන් සේ සලකා ආරක්ෂා කරන බව ජනාධිපතිවරයා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේ පැවති ජනාධිපති බෞද්ධ උපදේශක කාරක සභාවේ සිව්වන සභාවාරය සඳහා සහභාගි වෙමිනි.

පුරාවස්තු සංරක්ෂණය සහ සංවර්ධනය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කිරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව පනතට අවශ්‍ය සංශෝධන පිළිබඳව සොය බැලීම සඳහා මහා සංඝරත්නයෙන් සහ පුරාවිද්‍යා විෂය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම කෙරෙහිද අවධානය යොමුව තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ තිබෙන පුරප්පාඩු සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගේ අවධානය‍ යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Last modified on Sunday, 26 July 2020 18:07