May 17, 2024

"වෙච්ච දේකින් කලකිරිලා මම අයින් වෙන්නම හිටියේ" - අර්ජුන රණතුංග දේශපාලනයෙන් ඉවත් වෙයි? Featured

මෙවර මහ මැතිවරණයට තමා තරඟ කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොතිබූ බවත් ඒ තරමටම දේශපාලනය ගැන කලකිරීමට පත්ව තිබූ බවත් හිටපු අමාත්‍ය, එජාප අපේක්ෂක අර්ජුන රණතුංග මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසීය.

ඔහු මේබව පැවසූවේ ඒෂියන් මිරර් සංවාදය වැඩසටහනට එක්වෙමිනි.

සමහර හොඳ දේවල් කරන්න හදනකොට අපේම කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන්ගෙන් බාධා ඇතිවුණා. මේ රටේ සම්පත් ආරක්ෂා කරන්න යනකොට අපේ කැබිනට් මණ්ඩලයේ අයගෙන් විශාල බාධා ඇතිවුණා. යහපාලන ආණ්ඩුවක් හදාලා. අපි කවුරුත් හිතුවේ නෑ මහින්ද රාජපක්ෂ මහත්තයාව පරද්ද පුළුවන් කියලා. එයාවත් පරද්දලා අපි ආණ්ඩුවක් හදලා. අපි හොඳ ගමනක් යනකොට මේ බෙදීම් එක්ක වෙච්ච දේකින් කලකිරිලා මම අයින් වෙන්නම හිටියේ. පස්සේ මං තීරණය කළා පක්ෂෙ වැටිච්ච වෙලෙ මං ඉන්න ඔන කියලා." යැයි ඔහු කියා සි‌‌ටියේය.

එම සාකච්ඡාවේ වීඩියෝව පහතින්,