March 29, 2020

අලුත් වියත්තු අපිට අවශ්‍ය නෑ.ඊලඟ ආණ්ඩුවේදී මං ඇමැතිවරයෙක් - වියත්මගට ප්‍රසන්නගෙන් කණේ පහරක් Featured

වියත්තු ආවේ පොහොට්ටුවෙන් පස්සේ බවත් පොහොට්ටුව හදද්දී වියතුන් උගතුන් සිටි බවත් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පවසයි.

අලුත් වියතුන් අපිට අවශ්‍ය නැති බවත් වර්තමානයේ පවතින පාර්ලිමේන්තුවෙත් වියතුන් සිටියදී මේ රටෙ මේ තත්වයට පත් වී ඇති බවත් ඔහු අවධාරණය කරයි.

මන්ත්‍රීවරයා මේබව පැවසූවේ හිරු රූපවාහිනිය සමඟ වැඩසටහනට එක්වෙමිනි.

මාස දෙකකට ලබා ගන්නා ඇමැති ධුරයකට වඩා වසර පහක් සඳහා ලබාගන්නා ඇමති ධුරයක් වටිනා බව අවුරුදු පහක ඇමති ධූරයකින් රටට වැඩක් කරන්නට තමන් බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

Rate this item
(2 votes)
Last modified on Friday, 21 February 2020 12:43

Related items