April 18, 2024

ඉදිරිය කණගාටුදායක විය හැකියි - ලංකාව කොරෝනා ව්‍යාප්තියේ 3A මට්ටමට - වෛද්‍යවරු අනතුරු අඟවයි Featured

ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ් 19  ව්‍යාප්තියේ 3A අවදියේ සිටින බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

ඒ එකම නිවසකින් රෝගීන් කිහිපදෙනකු වාර්තා වීමත් සමඟය. ගම්මානයකින් රෝගීන් කිහිපදෙනකු වාර්තාවීම 3 බී ලෙස හැඳින් වෙයි.

නිවාසිතව ආසාදිතයින් පොකුරු වශයෙන් මෙම අවදිය දැකිය හැකි බවත් මෙයට ප්‍රතිචාර නොදැක්වුවහොත් ඉදිරිය කණගාටුදායක විය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසී ය. 

සිව්වැනි අදියර ඉතාමත්ම භයානක තත්ත්වයක් බවත් මේ යන ආකාරයෙන් නිවැරදි ක්‍රියාමාර්ග නොගන්නේ නම් අප්‍රේල් මස 4 වන සතිය වන විට උපරිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බවක් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

එහිදී ආසාදිතයින් සමඟ ගැටුණු සියලු දෙනා නිරෝධායනයට ලක් කළ යුතු බවත්, රෝගීන් හැකිතාක් හඳුනා ගත යුතු බවත් වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම පරීක්ෂණ පහසුකම් පවා වැඩි කළ යුතුව ඇතැයි ද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Last modified on Thursday, 02 April 2020 12:26