April 26, 2024

අටුළුගම කොරෝනා ආසාදිතයාගේ පියාත් සහෝදරියත් රෝහල් ගත කරයි Featured

අටුළුගම මාරාව කොරෝනා වයිරසය ආසාදිත යැයි තහවුරු වූ පුද්ගලයාගේ පියා සහ සහෝදරියද එම රෝග ලක්ෂණ පහල කිරීම හේතුවෙන් අද(28) පෙරවරුවේ 1990 සුවසැරිය ගිලන් රථයෙන් කලුතර නාගොඩ මහ රෝහල හරහා පිටත් කල බව බණ්ඩාරගම සෞ‍බ‍ය වෛද‍්‍ය කාර්යාලය පවසයි.

ඩුබායිහි දින 2 ක් ගත කර ඉකුත් 19 වෙනි දින මෙරටට පැමිණ තිබූ එම පුද්ගලයා දින 6 ක කාලයක් තිස්සේ අටුලුගම ප්‍රදේශයේ සැරි සරා පුද්ගලයන් රැසක් ඇසුරු කළ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සෞ‍ඛ්‍ය කාර්යාලය සඳහන් කළේය.

නව කොරෝනා වයිරසය පැතිරයාම වළැක්වීමේ අරමුණින් කලුතර දිස්ත්‍රික්කයේ අටුළුගම ග‍්‍රාමය ඊයේ පස්වරුවේ සිට සම්පුර්ණයෙන් වසා තැබීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය.

ඒ අනුව  අටළුගම නිවාස  26 ට අයත්   පුද්ගලයන්  200 දෙනකු පමණ  සම්පුර්ණයෙන්ම  ස්වයං නිරෝධායනයකට  ලක්කර සිටින අතර  කිසිවකුට  ගමෙන් පිටවීමට හෝ   ගමට ඇතුලූ වීමට හෝ  අවසර නොදෙන බව  ආරක්ෂක අංශ කියයි.

Last modified on Saturday, 28 March 2020 15:47