May 03, 2024

මීටර් 5000 ලෝක වාර්තාවට හිමිකම් කියූ ක්‍රීඩාවගේ ගෙලට පිහියෙන් ඇන ඝාතනය කරයි

ලෝක ශූරතා මළල ක්‍රීඩා තරඟාවලියේදී මීටර් 5000ක් දුර දිවීමේ ලෝක වාර්තාවට දෙවතාවක් හිමිකම් කියන මෙන්ම ඔලිම්පික් ලෝකඩ පදක්කම් ලාභී  කෙන්යාවේ ඇග්නස් ටිරොප් සිය නිවසේ ඝාතනය වී සිටියදී සොයාගෙන තිබෙනවා.

මෙම වසරේ පැවැති ටෝකියෝ ඔලිම්පික් තරඟාවලියේ මීටර් 5000 ඉසව්වටද ඇය සහභාගී වූ අතර එහිදී ඇය පස්වන ස්ථානය හිමිකර ගැනීමට සමත්වුණා.

පසුගිය මාසයේදී ටිරොප් ජර්මනියේ පැවති කාන්තා කිලෝමීටර 10 ක මාර්ග ධාවන තරඟයකදී ලෝක වාර්තාව පිහිටුවීමට සමත් වී තිබුණා.

ටිරොප්ගේ ඝාතනය සම්බන්ධයෙන් කරන ලද මූලික විමර්ශනවලින් හෙලිවී තිබුණේ ඇයට පිහියකින් ඇන ඝාතනය කර ඇති බවටයි.

මෙම ඝාතනයත් සමඟ ඇයගේ සැමියා අතුරුදන්ව ඇතිබවත් ඝාතනය සම්බන්ධයෙන් ඔහු ප්‍රධාන සැකකරුවෙකු බවත් කෙන්යානු පොලීසිය පවසා සිටිනවා.

ඝාතනය සිදුව ඇත්තේ ඇයගේ ගෙලට සහ උදරයට පිහියකින් ඇනීම නිසා බවත්, ඇය නිවසේ ඇඳක් මත වැටී සිට ඇති අතර විශාල රුධිර ප්‍රමාණයක් ඇයගේ සිරුරෙන් ඉවත්ව ගොස් තිබුණු බවත් මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

නිවසේ ඇති සීසීටීවි කැමරා පද්ධතියද මේ වන විට පරික්ෂාවට ලක් කිරීම ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ඇග්නස් ටිරොප් ඝාතනය වන විට 25 වැනි වියේ පසුවුණා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 October 2021 09:05