May 03, 2024

ශ්‍රී ලංකාව රනින් බබලන්න තවත් සුසන්තිකා කෙනෙක්

ශ්‍රී ලංකාව මළල ක්‍රීඩාව තුළින් ලෝකය ඉදිරියේ රනින් බැබලූ සුසන්තිකා ජයසිංහ මහත්මියගේ ලේ උරුමය සහිත තවත් ක්‍රීඩිකාවක් මෙරටින් බිහිවෙලා තියෙනවා.

දැනටමත් ඇය විසින් විශිෂ්ඨ දක්ෂතා පෙන්වීම ආරම්භ කරලා තිබෙන බව ෆේස්බුක් හී පළ වී තිබූ සටහනකින් දැකගන්නට හැකි වුණා.

අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කරන සංජක ප්‍රසාද් දොලේවත්ත විසින් සිය ෆේස්බුක් ගිනුමේ මේධානි ජයමාන්න නම් තවමත් පාසල් අධ්‍යාපනය ලබන ජව සම්පන්න මළල ක්‍රීඩිකාව ගැන ෆේස්බුක් සටහන තබා තිබුණේ පහත අයුරින්,

සුසන්තිකාගේ ලේ උරුමය මේධානි ලුම්බිණියේ ප්‍රවේගය අරඹයි.

මේධානි ජයමාන්න කොළඹ ලුම්බිණි විදුහලේ 13 වසරෙ ඉගෙන ගන්න සිසුවියක්. මේධානිට යකඩ ඇගක් විතරක් නෙවෙයි යකඩ හිතකුත් තියෙන වේගයේ ප්‍රවේගය ලුහුබදින කෙල්ලක්.

මෙවර පැවති 99 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දී කාන්තා 100m තරග ඉසව්වෙන් 3 වැනි ස්ථානය ලබා ගන්නෙ මේධානි. එයින් පසුව 2021.06.25 වන දින සිට 2021.06.29 වන දින දක්වා ඉන්දියාවේ පැවැත්වෙන ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලිය සඳහා මේධානි සහභාගි වෙනවා.

එහි දී ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 100×4 සහාය දිවීමේ තරග ඉසව්ව සඳහා සහභාගි වනවා, වගේම එම තරග ඉසව්ව සඳහා පාසල් මට්ටමින් සහභාගී වන එකම ක්‍රීඩිකාව වෙනවා. 

මෙම තරගයේ දී ශ්‍රී ලංකා 100×4 කාන්තා සහාය දිවීමේ කණ්ඩායමට ඔලිම්පික් පරිසාධන මට්ටම කරා ළඟා වීමෙන් මෙම වසරේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගි වීමට මේධානිට අවස්ථාව හිමි වෙනවා.

මෙහි ඇති විශේෂ කාරණයක් වන්නේ මේධානි කියන්නෙ ආසියාවේ කළු වෙළඹ සුසන්තිකා ජයසිංහගෙ අක්කගෙ දුව. ඒ කියන්නෙ මේධානිගෙ පුංචි තමයි සුසන්තිකා ජයසිංහ. 

ඒ වගේම ලුම්බිණි විද්‍යාලයේ මළල ක්‍රීඩා ඉතිහාසය අන්තර්ජාතික මට්ටමෙන් රනින් සැරසුව ප්‍රවීණ ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩා පුහුණු කරුවෙක් වන උමංග සංජීවගෙන් දැනටත් පුහුණුවීම් වළ නිරත වන ක්‍රීඩිකාවක් වීමත් මේධානි විශේෂ වෙනවා.

ලුම්බිණි විදුහල් මාතාවත් අපගේ මාතෲ භූමියත් රනින් සැරසීම සඳහා ඇය ඇතුළු කන්ඩායමට හැකියාව ,ශක්තිය ලැබේවායි අපි උණුසුම් සුබ පැතුම් එක් කරමු..!

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 June 2021 10:24