April 25, 2024

වසර 30ක් පැරැණි යගුලිය දැමීමේ ලෝක වාර්තාව බිඳ වැටෙයි

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් තමන්ගේ රට නියෝජනය කරමින් එළැඹෙන මස ආරම්භ වීමට නියමිත ඔලිම්පික් තරඟාලියට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම මේ දිනවල සිදුකරනු ලබනවා.

ඒ තෝරා ගැනීම් අතරදී ඇමෙරිකාව වෙනුවෙන් යගුලිය දැමීමේ ඉසව්ව නියෝජනය කිරීම සඳහා තරඟ වදින ක්‍රීඩකයන්ගෙන් එක් ක්‍රීඩකයෙකු විසින් යගුලිය දැමීමේ ලෝක වාර්තා බිඳ හෙලන්නට සමත් වෙලා තියෙනවා.

ඇමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ පැවැත්වෙන මෙම සුදුසුකම් ලබා ගැනීමේ තරඟවලදී මෙම ලෝක වාර්තාව බිහි කරන්නට සමත් වන්නේ රයන් කෲසර් විසින්. 28 වැනි වියේ පසුවන රයන් මෙලෙස බිඳ දමන්නේ මීට පෙර ඇමෙරිකානු ක්‍රීඩකයෙකු වන රැන්ඩි බාර්න්ස් විසින් පිහිටුවා තිබූ මීටර් 23.12ක් වන වසර 30ක් පැරැණි ලෝක වාර්තාවයි.

පළමු අවස්ථාවේදී ඔහු විසින් මීටර් 22.92ක් යගුලිය දමා ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබාගත් අතර ඔහුගේ දෙවැනි උත්සාහයේ දී මෙම ලෝක වාර්තාව පිහිටුවන්නට සමත්ව තිබුණා.

Rate this item
(0 votes)