May 03, 2024

ශ්‍රී ලංකාවේ දුර පැනීමේ වාර්තාවත් අලුත් වෙයි

ශ්‍රී ලංකාව තුළ මළල ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව උපේක්ෂා සහගත තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා.

ඒ මෙරට පැරැණි මළල ක්‍රීඩා එකින් එක බිඳ වැටීම ආරම්භ වීමත් සමඟයි.

තුර්කියේ ඉස්තාන්බුල් හී පැවැති මළල ක්‍රීඩා තරඟාවලියකදී මෙරට කාන්තා දුර පැනීමේ ජාතික වාර්තාව බිඳ වැටුණා. ඒ ලක්ෂිණි සාරංගිගේ විශිෂ්ට දක්ෂතා හේතුවෙන්.

ඒ අනුව ඇය විසින් එම තරඟාවලියේ දුර පැනීමේ ඉසව්වේ දී මිටර් 6.44ක දුරක් වාර්තා කරමින් නව ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් පිහිටු වීමට සමත්ව තිබෙනවා.

මෙම ඉසව්ව පැවැත්වී තිබුණේ ඊයේ (23) දිනයේ දී.

Rate this item
(0 votes)