May 02, 2024

ප්‍රබල ඉන්දීය ක්‍රීඩිකාවන්ට අභියෝගයක් වූ ලංකාවේ අමාෂා

ශ්‍රී ලංකා මළල ක්‍රීඩාව පිළිබඳව දිනෙන් දින නැවුම් පුවත් වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ ලංකාවේ අනාගත මළල ක්‍රීඩාව පිළිබඳව යහපත් තත්ත්වයක් උදා කරමිනි.

මේ දිනවල ටෝකියෝ ඔලිම්පික් 2020 සඳහා ලෝකය පුරාවට සුදුසුකම් ලැබීමේ තරඟ පවත්වමින් සිටින අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩික ක්‍රීඩිකාවන්ද ඒවාට සහභාගී වෙමින් විශිෂ්ඨ දක්ෂතා දක්වමින් ඉන්නවා.

ඉන්දියාවේ මේ දිනවල පවත්වනු ලබන අන්තර් ප්‍රාන්ත මළල ක්‍රීඩා ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද ක්‍රීඩික ක්‍රීඩිකාවන් සම්බන්ධ වෙලා සිටිනව

ඒ අනුව එම තරඟාවලිය තුළ  ඊයේ (26) දිනයේ දී පැවැති මීටර් 100 ධාවන තරගයේ දී රිදී පදක්කම දිනා ගැනීමට අමාෂා ඩී. සිල්වා සමත් වෙනවා. ඒ ඉන්දියාවේ ජාතික වාර්තාවන්ට හිමිකම් කියන ඩියුටි චන්ද්ව පරාජයට පත් කරමින්.

එහිදී අමාෂා විසින් තප්පර 11.59ක කාලයක් වාර්තා කරගැනීමට සමත් වුණා. මෙහි ප්‍රථම ස්ථානය දිනාගනු ලැබුවේ තමිල්නාඩුව නියෝජනය කරමින් තප්පර 11.52ක කාලයක් වාර්තා කළ ධනලක්ෂ්මි විසිනි.

Rate this item
(0 votes)