May 15, 2024

පරාජයෙන් පසු කවුරුත් කතා කළ අශ්වයා ගැන මැතිල්ඩා කියපු කතාව

ඊයේ (03) දිනයේ දී 2020 ටෝකියෝ ඔලිම්පික් උළලේ දී ශ්‍රී ලංකාවේ අවසන් ඔලිම්පික් පදක්කම් සිහිනයත් ගිලිහී යන්නේ මැතිල් කාල්සන්ට අසුන් මෙහෙය වීමේ මූලික තරග ඉසව්වෙන්ම ඉවත් වීමට සිදුවීමත් සමඟයි.

මෙම පරාජය සමඟ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිල්ඩා පවසා තිබුණේ පරාජයට පත්වීම පිළිබඳව තමන් කණගාටුවට පත්වන බවයි. එය තමන් අතින් වූ වරදක් බවත් ඇය එහිදී පවසා සිටියා. එමෙන්ම තමන් බොහෝ දේ බලාපොරොත්තුවෙන් සිටියත් තමන්ට තරඟ බිමෙන් ඉවත් වන්නට සිදුවු බවද ඇය පැවසූවා.

තරගයෙන් පසුව මෙරට බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ මැතිල්ඩාගේ අශ්වයා වන චොපින් පිළිබඳව විවිධ අදහස් පළ කර තිබුණා. මැතිල්ඩා සිය අශ්වයා පිළිබඳවද මෙහිදී මාධ්‍ය වෙත පවසා තිබුණා.

එහිදී ඇය පවසා තිබුණේ තමන්ට හොඳම වර්ගයේ අශ්වයෙකු සිටියත් මෙවැනි තරඟ බිමකදී වැරැද්දක් සිදුනොවීමට වග බලාගත යුතු බවයි. පියවරෙන් පියවර සිදුකළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව තීරණය කිරීමට ඇත්තේ තප්පර කිහිපයක් බව පෙන්වා දෙන ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ තමන්ගේ අශ්වයා යන චොපින් තරග වදින ආකාරය පිළිබඳව තමන්ට සතුටක් ඇති බවයි.

ඇය තවදුරටත් පවසා සිටියේ “මගේ අශ්වයා චොපින් පනින ආකාරය ගැන මට සතුටුයි..ඔහු ලෝකයාටම පෙන්නුවා ඔහුගේ විශ්මය ජනක බව..ඒ ගැන මම ආඩම්බර වෙනවා..මෙතැනට පැමිණිමම අපි ලබපු ජයග්‍රහණයක්” යනුවෙනි.

මැතිල්ඩා 2020 ටෝකියෝ ඔලිම්පික් තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවුණේ ඇයගේ අශ්වයා වන චොපින් අවස්ථා 02කදී බාධක තරණය ප්‍රතික්ෂේප කිරිම බවටයි වාර්තා වන්නේ.

එහිදී මැතිල්ඩා සහ චොපින් බාධක 05ක් සාර්ථකව ජයගත්තත් 06 වෙනි බාධකය ජය ගන්නේ දෙවැනි උත්සාහයේ දී වන අතර 07 වෙනි බාධකය තරණය කිරීම චොපින් ප්‍රතික්ෂේප කරනවා. ඉන් අනතුරුවයි ඇයට සහ චොපින්ට මෙම තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවුණේ.

Rate this item
(0 votes)