May 20, 2024

ටෝකියෝ ඔලිම්පික් උළලේදී මළල ක්‍රීඩාවලින් බිහි වූ නව වාර්තා මෙන්න

ඉතිහාසයේ තියුණුම තරඟාවලියක් පැවැති 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල ඊයේ (08) දිනයේ දී නිමාවට පත් වුණා.

එහිදී ඔලිම්පික් උළලේ පදක්කම් සටහනේ පෙරමුණේ පසුවුන චීනය අවසන් මොහොතේ දෙවැනි ස්ථානයට ඇද දමමින් අමෙරිකාව පෙරමුණ ගන්නට සමත් වුණේ රන් පදක්කම් 39ක් ලබාගෙනයි. 

චීනය රන් පදක්කම් 38ක් ලබාගෙන දෙවැනි තැනද තම රටේ වාසිය ලබාගනිමින් ජපානය 27ක් ලබාගෙන තෙවන තැනද හිමි කරගනු ලැබුවා.

මෙවර ඔලිම්පික් තරඟාවලියේ මළල ක්‍රිඩා තරග සඳහා බොහෝ දෙනෙකුගේ අවධානය මළල ක්‍රීඩා තරඟ සඳහා යොමු වුණු අතර එහිදි පැරැණි ලෝක වාර්තාවන් සහ ඔලිම්පික් වාර්තාවන් බොහොමයක් ද අලුත් වුණා.

මේ එලෙස මළල ක්‍රීඩා තරඟවලදී අලුත් වූ ලෝක වාර්තාවන්

1.පිරිමි මීටර් 1500ක් දුර දිවීමේ ඉසව්ව

අගෝස්තු මස 07 වැනිදා පැවැති මෙම ඉසව්වේ අවසන් තරගයේ දී නොර්වේ නියෝජනය කරමින් සහභාගී වූ ඉග්‍රිබිට්සන් ජේකොබ් විනාඩි 03යි, තප්පර 28යි, දශම 32ක් කාලයක් වාර්තා කරමින් නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවන්නට සමත් වුණා. 

ජේකෝබ් මෙලෙස බිඳ දමන්නේ 2000 වසරේ දී සිඩ්නි ඔලිම්පික් උළලේදී නෝවා එන්ගී විසින් පිහිටවූ ඔලිම්පික් වාර්තාව වන විනාඩි 03යි තප්පර 32යි දශම 07ක් ලෙස වාර්තා කළ කාලයයි.

2. පිරිමි මීටර් 400ක් දුර කඩුළු පැන දිවීමේ ඉසව්ව

තවත් නොරේවේ ජාතික ක්‍රීඩකයෙකු වන වෝර්හෝම් කාර්ස්ටන් විසින් නව ලෝක වාර්තාවක් සහ ඔලිම්පික් වාර්තාවක් පිහිටුවන්න සමත් වෙනවා මේ ඉසව්වේ දී. ඒ ඔහු විසින්ම සිය රටේදී පිහිටවූ තප්පර 46යි දශම 70ක වාර්තාව බිඳ දමමින්.

ඒ අනුව වෝර්හෝම් කාර්ස්ටන් විසින් තප්පර 45.94ක කාලයක් වාර්තා කරමින් නව ලෝක වාර්තාවක් සහ ඔලිම්පික් වාර්තාවක් පිහිටුවන්නට සමත් වෙනවා.

3. පිරිමි යගුලිය දැමීම 

පිරිම යගුලිය දැමීමේ ඔලිම්පික් වාර්තාව අලුත් කරන්නට සමත් වන්නේ අමෙරිකාව නියෝජනය කළ ක්‍රොසර් රයන් විසින්. ඒ ඔහු විසින් 2016 බ්‍රසීල ඔලිම්පික් උළලේ දී මීටර් 22.52 ක දුරක් වාර්තා කරමින් පිහිටුවා තිබූ වාර්තා බිඳ දමමින් ටෝකියෝ ඔලිම්පික් උළලේ දී ඔහු මීටර් 23.30ක දුරක් වාර්තා කරන්න සමත් වුණා.

4. පිරිමි දස ප්‍රයාම තරඟය

මීට පිරිමි දස ප්‍රයාම පෙර 2016 බ්‍රසීල සහ 2004 ග්‍රීසි ඔලිම්පික් උළෙල දෙකේ දීම ලකුණු 8893 ලෙස වාර්තා වී තිබූ ඔලිම්පික් වාර්තාව බිඳ දමමින් කැනඩාවේ වොර්නර් ඩේමියන් විසින් ලකුණු 9018ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව එය නව ඔලිම්පික් වාර්තාවක් ලෙස නම් වෙනවා.

5. කාන්තා මීටර් 100ක් දුර දිවීම 

අමෙරිකානු ක්‍රීඩිකා ග්රිෆ්ත් ජොයිනර් ෆ්ලෝරන්ස් විසින් 1988 සියෝල් ඔලිම්පික් උළලේදී පිහිටවූ කාන්තා මීටර් 100ක් දුර දිවීමේ ඔලිම්පික් වාර්තා වන තප්පර 10.62ක කාලය බිඳ දමමින් ජැමෙයිකානු ක්‍රීඩිකා තොම්සන්-හෙරේ ඉලේන් විසින් තප්පර 10.61ක කාලයක් වාර්තා කරමින් නව ඔලිම්පික් වාර්තාවක් පිහිට වීමට සමත් වුණා.

6. කාන්තා මීටර් 1500ක් දුර දිවීම

කේන්යානු ක්‍රීඩිකා කිපියගොන් ෆීත් විසින් 1988 වසරේ දී රොමේනියානු ක්‍රීඩිකා ඉවන් පාවුලා විසින් පිහිටුවා තිබූ විනාඩි 03යි තප්පර 53යි දශම 96ක් වූ ඔලිම්පික් වාර්තාව බිඳ දමමින් විනාඩි 3යි තප්පර 53යි දශම 11ක කාලයක් වාර්තා කරන්න සමත් වුණා.

7. කාන්තා මීටර් 100ක් කඩුළු මතින් පැන දිවීම

පූවෙර්ටෝ රිකෝ නියෝජන කරමින් පැමිණි කැමචෝ-ක්වින් ජැස්මින් විසින් මීටර් 100ක් කඩුළු මතින් පැන දිවීමේ ඉසව්වේ 03 වෙනි අවසන් පූර්ව තරගයේ දී එතෙක් පැවැති ඔලිම්පික් වාර්තාව වූ තප්පර 12.35ක කාලය බිඳ දමමින් 12.26 කාලයක් වාර්තා කර නව වාර්තාවක් පිහිටුවනවා.

8. කාන්තා මීටර් 400ක් කඩුළු මතින් පැන දිවීම

 අමෙරිකානු ක්‍රීඩිකා මැක්ලෝග්ලින් සිඩ්නි විසින් එතෙක් පැවැති ලෝක සහ ඔලිම්පික් වාර්තාව වූ තප්පර 52.64 කාලය බිඳ දමමින් 51.46 කාලයක් වාර්තා කරන්නට සමත් වෙනවා.

9. කාන්තා තුන් පිම්ම පැනීම 

වෙනිසියුලාව නියෝජන කළ ක්‍රීඩිකාවක් වන රෝජාස් රතු යූලිමාර් විසින් එතෙක් පැවැති ලෝක සහ ඔලිම්පික් වාර්තා වන මීටර් 15.50 වාර්තා බිඳ දමමින් නව වාර්තාව ලෙස 15.67 m දුරක් වාර්තා කරන්න සමත් වුණා.

10. මීටර් 400x4 මිශ්‍ර සහාය දිවීම

පෝලන්තය විසින් ටෝකියෝ ඔලිම්පික් උළලේ මූලික වටයේ තරගයකදී පිහිටුවා තිබූ ඔලිම්පික් වාර්තා අවසන් වටයේ දී බිඳ දමමින් 3:09.87 කාලයක් වාර්තා කර නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවන්නට සමත් වෙනවා. 

Rate this item
(0 votes)