May 15, 2024

අමෙරිකා - ජැමෙයිකා ආධිපත්‍ය බිඳ දැමූ ඉතාලියට රන් පදක්කමක්

ඔලිම්පික් තරඟාවලියක තුළ ලෝකයේ වැඩිම අවධානය හිමි වන ක්‍රීඩාව ලෙස පිරිමි මීටර් 100 අවසන් තරගය නම් කරන්න පුළුවන්. 

ලෝක ඔලිම්පික් ඉතිහාසය තුළ පිරිමි මීටර් 100 හී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් විවිධ රටවලට හිමි වී තිබුණත් මෑත ඉතිහාසය තුළ එහි සියලු පදක්කම් අමෙරිකාව සහ ජැමෙයිකාවට පමණක් සීමාව තිබුණා.

පිට පිට ලෝක වාර්තා, ඔලිම්පික් වාර්තා රැසක් බිඳ වැටුණු 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලදී මේ ආධිපත්‍ය බිඳ දමන්නට ඉතාලිය සමත් වුණා.

ඒ අනුව මෙවර ලෝකයේ රටවල් 205ක් අතරින් ලෝකයේ වේගවත්ම මිනිසා බවට පත්වන්නට ඉතාලි ජාතික ලැමොන්ට් මාර්සෙල් ජේකොබ්ස් සමත් වෙනවා. 

අද (01) පැවැති ලෝකයේ වේගවත්ම මිනිසා තේරීමේ ඉසව්වේ දී තප්පර 09.80ක කාලයක් වාර්තා කරමින් ජය ගන්නට ජේකොබ්ස් සමත් වුණා.

මෙවර හොඳම කාලය වාර්තා කර තිබූ අමෙරිකාවේ ට්‍රේවොන් බ්‍රමෙල් හට සහ උසේන් බෝල්ට්ගෙන් පසුව ජැමෙයිකාවේ වේගවත්ම මිනිසා වූ යොහාන් බ්ලේක් හට මෙරව මීටර් 100 අවසන් තරගයට හෝ සහභාගී වීමට හැකියාව ලැබුණේ නැහැ.

මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මීටර් 100 ඔලිම්පික් තරගය සඳහා සහභාගී වූ යුපුන් අබේසිංහ තරග වැදුණු මූලික තරගයේ ද ජයග්‍රහණය හිමි කරගෙන තිබුණේ ජේකොබ්ස් ය.

Rate this item
(0 votes)