May 15, 2024

අවසන් ඔලිම්පික් සිහිනය සමඟින් මැතිල්ඩා අද තරඟ බිමට

ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් එක් ඔලිම්පික් පදක්කමක් පිළිබඳව බලාපොරොත්තුවක් එක් කරමින් අශ්වාරෝහක ඉසව්ව සඳහා මැතිල්ඩා කාල්සන් ඉදිරිපත් වීමට නියමිතව තිබෙනවා.

ප්‍රථම වතාවට ඔලිම්පික් උළෙලක මෙම තරගයට ශ්‍රී ලාංකිකයෙකු ඉසිරිපත් වීමද විශේෂත්වයක්.

ටෝකියෝ ඔලිම්පික් උළෙල ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් බලාපොරොත්තුවක් තබා ගත හැකි අවසන් තරගය ද මැතිල්ඩා සහභාගී වන මෙම ඉසව්ව පෙන්වා දිය හැකියි.

මෙරට වෙලාවෙන් අද (03) සවස 03.30ට එම තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මැතිල්ඩා 1984 සැප්තැම්බර් මස 27 වැනිදා මහනුවර දී උපත ලබන අතර පසුව ඇයට මාස 03ක් තිබියදී ස්විස් යුවලක් විසින් හදාගන්න ගන්නවා.

ස්විස් රාජ්‍යයේ දී අධ්‍යාපනය සහ අශ්වාරෝහකයෙකු වීමට ඉගෙන ගන්න මැතිල්ඩා පසුව ශ්‍රී ලංකාව වෙත පැමිණෙන්නේ 2018 වසරේ දී.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 August 2021 08:16