May 20, 2024

ඔලිම්පික් තරඟකරුවන්ගේ ලිංගික වැඩ නවත්වන ජපානයේ අමුතුම වැඩේ! (PHOTOS)

කොරෝනා අවදානමේ මධ්‍යයේ වූවද “2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල” මේ මාසයේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙහිදී ඔලිම්පික් ගම්මානය තුළ සහ ක්‍රීඩකයන් නැවැතී සිටින ස්ථානයන්වල දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස ජපානය දැනුම් දී තිබෙනවා.

මේ අනුව මෙරව ඔලිම්පික් තරඟාවලියට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සිය ලිංගික කටයුතු කරගැනීම සඳහා වන ඉඩ අහුරාලන්නට ජපාන බලධාරීන් විසින් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලිංගික කටයුතු සඳහා අධෛර්මත් කිරීමේ අරමුණ ඇතිව ඔවුනට ලබාදී ඇති ඇඳන් කාර්ඩ් බෝර්ඩ්වලින් නිපදවා ඇති බවයි සඳහන් වන්නේ.

දැනටමත් ඔලිම්පික් සංවිධාකයන් දෙදෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ජපානය විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව උදෙසා මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා.

ඒ අනුව විශේෂිතව නිර්මාණය කර ඇති කාර්ඩ් බෝර්ඩ් ඇඳන් 18,000ක් පමණ මෙවර ඔලිම්පික් ක්‍රීඩික ක්‍රීඩිකාවන් වෙනුවෙන් නිර්මාණය කර තිබෙනවා. මෙම ඇඳක් තනි පුද්ගලයෙකු බර දරා ගැනීමට තරම් ශක්තියක් ඇතිව නිර්මාණය කර තිබෙනවා.

මෙවර ඔලිම්පික් සඳහා සහභාගීව සිටින ඇමෙරිකානු දිගු දුර ධාවන ශූරයෙකු වන පෝල් චෙලිමෝ විසින් ට්විටර් සටහනක් තබමින් පවසා සිටියේ ටෝකියෝ ඔලිම්පික් ගම්මානයේ ඇඳන් කාඩ්බෝඩ්වලින් සාදා ඇති බවත් මෙය ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සමීප සබඳතා වළක්වා ගැනීම අරමුණු කර ගෙන නිර්මාණය කර ඇති බවයි.

1988 වසරේ සිට පැවැති ඔලිම්පික් තරඟාවලියන්ගේ දී තරඟකරුවන් හට උපත් පාලන කොපු ලබාදීම සිදුකරනු ලබන අතර මෙම වසරේ දී ක්‍රීඩික ක්‍රීඩිකාවන් සඳහා උපත් පාලන කොපු 160,000ක් වෙන් කර තිබෙන බවයි වාර්තා වන්නේ. අවසන් වරට පැවැති 2016 බ්‍රසීල ඔලිම්පික් තරඟාවලියේ දී උපත් පාලන කොපු 460,000ක් ලබාදී තිබුණා.

ටෝකියෝ ඔලිම්පික් බලධාරීන් පෙන්වා දෙන්නේ තම  අභිප්‍රාය හා ඉලක්කය වන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් ගම්මානයේ කොන්ඩම් භාවිතා කිරීම නොව, ඔවුන් නැවත තම රටවලට යන විට සිහිනුවණින් ගමන් කිරීම බවයි.

මෙලෙස කාර්ඩ් බෝර්ඩ්වලින් නිර්මාණය කර ඇඳන්වල ඡායාරූප පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 July 2021 02:21