May 11, 2024

ආර්ථික අර්බුදවලට පිළියම් ලෙස අගමැති නිල නිවසත් කුලියට!

පාකිස්ථානයේ, ඉස්ලාමාබාද්හි පිහිටි පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස කුලි පදනම යටතේ ලබාදීමට එරට කැබිනට් මණ්ඩලය විසින් තීරණයක් ගෙන තිබෙනවා.

පසුගිය 03 වැනිදා මෙය යෝජනාවක් ලෙස එරට කැබිනට් මණ්ඩලයේ දී අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

එරට පවතින අරමුදල් සඳහා මුදල් උපයා ගැනීමේ අරමුණින් මෙම නිවස කුලිය දීමට සැරසෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ඒ අනුව ඉදිරියේ දී එරට පවත්වනු ලබන සංස්කෘතික, විලාසිතා, අධ්‍යාපනික සහ වෙනත් සමාජ උත්සව හෝ රැස්වීම් සඳහා අග්‍රාමාත්‍ය නිල නිවස කුලී පදනම යටතේ ලබාගත හැකිවනු ඇති බවත් සඳහන්.

මෙමඟින් ලැබෙන මුදල් එරට අරමුදල් සඳහා යොදවා ජනතා සුබසාධනය වෙනුවෙන් යොදවන බවටද එරට කැබිනට් මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මේ වන විටත් නිල නිවසෙන් ඉවත්ව ගොස් තිබෙන අතර ඔහුට අයත් පෞද්ගලික නිවස සිය කටයුතු කරගෙන යෑමට අග්‍රාමාත්‍යවරයා තීරණය කරලා.

එරට අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා තිබුණේ අග්‍රාමාත්‍ය නිල නිවස සඳහා වාර්ෂිකව එරට මුදලින් රුපියල් මිලියන 470ක් පමණ වියදම් වන බවයි. මේ හේතුව නිසාම අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විසින් නිල නිවසෙන් ඉවත් වන්නට ඇති බවටත් මතයක් පවතිනවා.

කෙසේ වෙතත් නිල නිවස කුලියට ලබාදුන්නත් එහි පවතින ගෘහ නිර්මාණ සහ අනිකුත් අංගවල වෙනසක් නොකර පවත්වාගෙන යෑම සඳහා විශේෂ කමිටු 02ක් ද පත්කර ඇති බවටත් එරට මාධ්‍ය වාර්තා කරනවා.

මීට පෙරද පාකිස්ථානය තුළ එරට රජය සතු අධි සුඛෝපභෝගි මෝටර් රථ 61ක් ද ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කිරීමට තීරණය කර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 August 2021 13:17