May 22, 2024

ලෝකය කැළඹූ වුහාන් යළි කැළඹෙයි! මිලියන 11ක් අනතුරේ

කොවිඩ්-19 වෛසරයේ ආරම්භ වුනා යැයි සැලකෙන චීනයේ වුහාන් ප්‍රාන්තය නැවත වරක් කොරෝනා නිසා අවදානමකට ලක්ව ඇති බව වාර්තා වෙනවා.

වුහාන් නරගයේ කොරෝනා වෛරසය පාලනය කිරීමෙන් වසරකට ආසන්න කාලයකට පසුව නැවත වරක් කොරෝනා රෝගීන් 07 දෙනෙකු වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි වුහාන්වල ජීවත් වන මිලියන 11ක් පමණ වන චීන වැසියන් සඳහා හදිසි න්‍යෂ්ටික අම්ල පරික්ෂාවක් (Nucleic Acid Test) සිදුකරමින් සිටිනවා.

කොරෝනා වසංගතය ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්ත වීමට පෙර චීනයේ වුහාන්වලට එමඟින් දැඩි බලපෑමක් සිදුවුණු අතර එම ප්‍රාන්තයම හුදකලා කරන්නටද චීනය කටයුතු කරනු ලැබුවා.

Rate this item
(0 votes)