April 26, 2024

ටියුනීසියාව වසංගතය පාලනය හමුදාවට භාර දෙයි

ටියුනීසියාවේ ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් හරහා පවසා ඇත්තේ කොරෝනා වෛරස් අර්බුදය කලමනාකරණය එරට මිලිටරි සෞඛ්‍ය අංශයට පැනවූවා කියලයි.

එරට රෝහල්වල දැඩි සත්කාර වාට්ටු පිරී ඇති අතර රෝගීන් හා මරණ සංඛ්‍යාව ඉහළ යෑම පාලනයට වෛද්‍යවරු මහත් වෙහෙසක් දරමින් සිටිනවා.

ජනාධිපතිවරයා විසින් හදිසියේ මෙම ප්‍රකාශය සිදුකරලා තිබුණේ එරට වංසගත පාලනය පිළිබඳව ආණ්ඩුව තුළ අර්බුදයන් ඇතිව තිබෙන මොහොතකයි.

පසුගිය 20 වැනිදා ටියුනීසියානු අගමැති හිචෙම් මෙචිචි විසින් සෞඛ්‍ය අමාත්‍ය ෆවුසි මෙහඩිවද ඔහුගේ සේවයෙන් පළවා හැර ඇතිබවයි සඳහන් වන්නේ.

අගමැතිවරයා පවසා සිටියේ මෙම පළවා හැරි අමාත්‍යවරයා සම්බන්ධව දැඩි අක්‍රමිකතා චෝදනා එල්ල වෙලා තියෙනවා කියලයි.

Rate this item
(0 votes)