March 29, 2024

ටියුනීසියාවේ අර්බුදයක්! ජනපති අගමැතිව පන්නයි

ටියුනීසියානු ජනාධිපතිවරයා විසින් එරට අග්‍රාමාත්‍යවරයා මෙන්ම, ආරක්ෂක අමාත්‍යවරයාද සිය ධූරයන්ගෙන් පලවා හැර ඇති බව වාර්තා වෙනවා.

එරට දේශපාලන පක්ෂ චෝදනා කරන්නේ ජනාධිපතිවරයා විසින් බල කුමන්ත්‍රණයක් සඳහා සුදානම් වන බවයි.

කොරෝනා වසංගතය පාලනය කිරීමට නොහැකි වීම සහ ආර්ථික අර්බුදයන්ට විසඳුම් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වීම නිසා ජනතාව විසින් දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙලෙස අග්‍රාමාත්‍යවරයා ව ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

මීට පෙර ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ ළඟම හිතවතෙකු වූ සෞඛ්‍ය අමාත්‍යවරයාවද බලයෙන් පහ කරනු ලැබුවා.

ජනාධිපතිවරයා වෙත දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් පවතින අතර ජනාධිපතිවරයා පවසා තිබුණේ තමන්ට ලැබූ ඇති බලතල අනුව පමණක් තමන් ක්‍රියා කළ බවයි.

මෙම අර්බුදය ගැන ලෝක දේශපාලනයේ ද අවධානය යොමුව ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබුණේ "සියලු ආරවුල් සංවාදයෙන් විසඳා ගත යුතුය" යනුවෙනි.

එමෙන්ම යුරෝපා සංගමය විසින්ද ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබුණේ නීතියේ ආධිපත්‍යයට ගරු කරන ලෙසත් ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටින ලෙසත් සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

Rate this item
(0 votes)