April 24, 2024

ටියුනීසියා ආණ්ඩුව එලවන්න ජනතාව විදී බසී

කොරෝනා වසංගතය පාලනය කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු යැයි බල කරමින් දහස් ගණනක් ටියුනීසියානුවන් එරට අගනුවර වන ටියුනීස් සහ තවත් නගර කිහිපයක වීදි බැස උද්ඝෝෂණය කරමින් සිටිනවා.

ටියුනීසියානු ආර්ථිකය පසුගිය කාලය තුළ පසුබෑමකට ලක්ව තිබූ අතර මෙම තත්ත්වය නිසා එය තවත් හානියට පත්වෙමින් තිබෙන බවයි විරෝධතාකරුවන් පවසා සිටින්නේ.

කොරෝනා පාලනය කිරීමට නොහැකි වුවායැයි කියමින් එරට සෞඛ්‍ය අමාත්‍යවරයාවද ධූරයෙන් පහ කළත් ජනතා කෝපය ඉන් නිවී නොමැති බවයි සඳහන් වන්නේ.

මේ වන විට එරට කොරෝනා වසංගත පාලනය බාර දී ඇත්තේ එරට හමුදා අංශ වෙතයි.

Rate this item
(0 votes)