May 03, 2024

කොරෝනා වාට්ටුවක විශාල පිපිරීමක් - 60කට අධික පිරිසක් මිය යයි

ඉරාකයේ රෝහලක අලුතින් ඉදි කර තිබූ කොරෝනා රෝගීන් සඳහා වන වාට්ටුවක විශාල පිපිරීමක් සිදුව තිබෙනවා. 

ඉරාකයේ නසිරියා හි පිහිටි  අල් හුසේන් රෝහලේ  නව කොරෝනා වාට්ටුව තුළ කොරෝනා රෝගීන් 70ක් සඳහා ප්‍රතිකාර කිරීමට පහසුකම් සපයා තිබුණු බවයි වාර්තා වන්නේ.

පිපිරීමත් සමඟ ගින්නක් හටගෙන ඇති අතර එම ගින්නට හසුව පුද්ගලයින් 64 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වෙනවා. එමෙන්ම තවත් පුද්ගලයින් 70කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් සඳහන්.

පිපිරීමට ප්‍රධාන හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර බලධාරීන් සැක පළකරන්නේ ඔක්සිජන් ටැංකි පිපිරීමක් නිසා මෙය සිදුවන්නට ඇති බවයි.

රෝහල් ප්‍රධානියාව අත්අඩංගුවට ගන්නා ලෙස ඉරාක අගමැති මුස්තාපා අල් කද්මි විසින් විශේෂ නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

පිපිරීමෙන් මිය ගිය පිරිසගේ ඥාතින් විසින් කලහකාරී ලෙස හැසිර ඇති අතර ඔවුන් විසින් පොලිස් වාහන දෙකක් ගිනි තබා විනාශ කර තිබුණා.

මේ වන විට ගින්න මැඩ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)