April 25, 2024

ඉතිහාසය අලුතින් ලියමින් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඉරාකයට පා තබයි

ශුද්ධ වූ පාප්වහන්සේ ඊයේ (05) දිනයේදී තෙදින නිල සංචාරයක් සඳහා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉරාකය වෙත පැමිණියේය.

එමෙන්ම පාප් වහන්සේ නමක් ඉරාකය වෙත පැමිණි පළමු අවස්ථාවද මෙය වන බව සඳහන් වෙයි.

ඉරාකයේ බැග්ඩෑඩ් ගුවන් තොටුපොළේ පාප්වහන්සේ උත්තමාචාරය සහිතව පිළිගත් අතර ඉරාක ජනපති මුස්තාපා අල්-කද්මි ද උන්වහන්සේව පිළිගැනීමට පැමිණ සිටියේය.

මෙම සංචාරය අතර දී පාප් වහන්සේ එරට ප්‍රධාන පෙළේ බොහෝ දේශපානඥයින් පිරිසක් හමුවීමට නියමිත තිබේ.

එමෙන්ම මෙම සංචාරයේ දී ඉරාක අධ්‍යාත්මික නායකයෙකු වන අයතුල්ලා අලි අල් සිස්තානි සමඟද පාප්වහන්සේ ද්වීපාර්ශික සාකච්ඡා කිරීමට නියමිත තිබේ.

එමෙන්ම ඉරාකයේ සිටින කිතුණු ජනතාවගේ අයිතීන් පිළිබඳව පාප්වහන්සේගේ විශේෂ අවධානය යොමු වනු ඇති බවද වාර්තා වෙයි.

Rate this item
(0 votes)