May 05, 2024

තවත් දැවැන්ත වැඩකට චීනය අතගසයි (PHOTOS)

වසර 05කට පසු පළමු වරට මිනිසුන් සහිත යානයක් අභ්‍යවකාශය වෙත යැවීමට චීනය කටයුතු කළා.

ෂෙන්ෂෞ-12 ලෙස නම් කොට ඇති මෙම යානය මීට පැය කිහිපයකට පෙර අභ්‍යවකාශගත වූවා.

ඒ චීනයේ ජියුක්වාන් චන්ද්‍රිකා කක්ෂගත කිරීමේ මධ්‍යස්ථානයේ සිට යි.

ෂෙන්ෂෞ-12 යානය මෙලෙස පිටත්ව ගියේ අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු රැගෙන යි.

තමන්ගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පෘථිවි කක්ෂයේ පිහිටුවීමට චීනය මේවන විට සැළසුම් කොට ඇති අතර එහි ඉදිකිරීම් සඳහා මෙම තිදෙනා පිටත්ව ගිය බව වාර්තා වෙනවා.

ඔවුන් මාස තුනක කාලයක් පෘථිවිය වටා කක්ක්ෂගතව සිටිනු ඇති.

අදාළ අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2022 වසරවන විට නිමවීමට චීනය බලාපොරොත්තුවනවා.

අවසන් වරට චීනය ගගනගාමීන් සහිත යානාවක් අභ්‍යවකාශය වෙත යවන ලද්දේ 2016 වසරේ සැප්තැම්බරයේ දී. 

ඒ ෂෙන්ෂෞ-11 යානයෙන්.

එහි දී ගගනගාමීන් දෙදෙනෙකු අභ්‍යවකාශය වෙත රැගෙන යනු ලැබුවා.

Rate this item
(1 Vote)