May 21, 2024

නව නීතියක් සම්මතයි : චීනයට එරෙහි වෙන්න ගියොත් වැඩ වරදී

චීනය විසින් සිය රටට එල්ල විය හැකි විදේශීය සම්බාධක මැඩ පැවැත්වීම සඳහා මෙන්ම ඒවාට මුහුණ දිය හැකි ලෙස නව නීතියක් සම්පාදනය කර ඇති බවට වාර්තා වෙනවා.

දැනටමත් ඇමෙරිකාව සහ යුරෝපා සංගමය විසින් එල්ල කරනු ලබන පීඩනයට ප්‍රතිචාරයන් වශයෙන් චීනය විසින් මෙම නව නීතිය ස්ථාපනය කරලා තියෙනවා කියලත් සඳහන් වෙනවා.

මෙහිදී චීනය විසින් විදේශ සම්බාධක පැනවීමකදී ක්‍රියාත්මක කළ හැකි නීතින් හඳුන්වා දී තිබෙන අතර, චීනයට පැමිණීමට හෝ පිටවීමට වීසා නිකුත් නොකිරීම, පිටුවහල් කිරීම්, චීන ව්‍යාපාර හෝ නිලධාරීන්ට එරෙහිව විදේශීය සම්බාධකවලට අනුකූල වන පුද්ගලයින්ගේ හෝ ව්‍යාපාරවල දේපල මුද්‍රා තැබීම, අත්පත් කර ගැනීම් වැනි දේවල් අයත් වෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් චීනය වෙත එල්ල කරන චෝදනා ප්‍රමාණය වැඩි කර ඇති අතර එම චෝදනා අතරට බුද්ධිමය දේපළ අයිතිය සොරා ගැනීම, හොංකොං ජනතාවගේ මානව හිමිකම් කඩ කිරීම වැනි චෝදනා අයත් වෙනවා. එමෙන්ම චීනයට අයත් තවත් බොහෝ සමාගම්ද ඇමෙරිකාව විසින් අසාදු ලේඛන ගත කරලා තිබෙනවා.

චීනයේ නව විදේශ සම්බාධක නීතිය මඟින් ජාතික අවශ්‍යතාවන්ට හානි කරන විදේශීය නීතිවලට අනුකූල වන සමාගම්වලට දඬුවම් කිරීමට ද රටේ අධිකරණයන්ට ඉඩ ලබා දී තිබෙන අතර එක්සත් ජනපද සම්බාධක අනුගමනය කරන ගෝලීය සමාගම්වලට මෙයින් ලොකු බලපෑමක් සිදුවනු ඇති බවද වාර්තා වෙනවා.

Rate this item
(7 votes)
Last modified on Friday, 11 June 2021 00:01