May 21, 2024

“කොරෝනා මිනිසාට ව්‍යාප්ත වුණේ සතුන්ගෙන් නෙමෙයි” - ආන්දෝලනාත්මක පරික්ෂණ වාර්තාවක් එළියට

ඔක්ස්වර්ඩ් විශ්විද්‍යාල චීන විශ්ව විද්‍යාල දෙකක් සමඟ එක්ව කරන ලද විමර්ශනයකදී ආන්දෝලනාත්මක සොයා ගැනීමක් කරන්නට සමත් වෙලා.

මෙම සොයා ගැනීමත් සමඟ නව කොරෝනා වෛරසය මූලාරම්භය පිළිබඳව තිබූ මතයන් තවත් සංකීර්ණ කරන්නට මෙම වාර්තාව සමත් වෙලා තිබෙනවා.

මොකක්ද මේ ආන්දෝලනාත්මක සොයා ගැනීම?

ඔක්ස්ෆර්ඩ් හි වනජීවී සංරක්ෂණ සහකාර මහාචාර්ය ඩේවිඩ් මැක්ඩොනල්ඩ් විසින් කරන ලද පර්යේෂණයකින් හෙළි වෙලා තියෙන්නේ 2017 මැයි සිට 2019 නොවැම්බර් දක්වා කාලය තුළ වුහාන්ගේ මස් වෙළඳපොලේ වවුලන් හෝ කබල්ලෑවන් අලවි වෙලා නැහැ කියලා.

මිලියන ගණනකට ජීවිතය අහිමි කළ මෙම වෛරසය වවුලන්ගෙන් සහ කබල්ලෑවන්ගෙන් මුල්වරට ව්‍යාප්ත වීම ආරම්භ වුණා කියලා වාර්තා වුණා. ඔක්ස්වර්ඩ් විශ්ව විද්‍යාලයේ වනජීවී සංරක්ෂණ පර්යේෂණ ඒකකය විසින් චීනයේ බටහිර චීන විශ්ව විද්‍යාලය සහ චීනයේම හුබෙයි ප්‍රාන්තයේ සම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාව පිළිබඳව විශ්ව විද්‍යාලය සමඟ එක්ව කරන ලද ඒකාබද්ධ විමර්ශනයකදී මෙම තොරතුරු අනාවරණය කරගන්නට ඔවුනට හැකිව තිබුණා.

විමර්ශනයෙන් හෙළි වුණේ මොකක්ද?

මෙම විශ්ව විද්‍යාල ත්‍රිත්වය එකාබද්ධව කරන ලද මෙම විමර්ශනයේ දී ඔවුන් විසින් අනාවරණය කරගෙන තිබුණේ 2017 වසරේ මැයි මාසයේ දී මෙම සත්ත්ව මස් වෙළෙඳපොළ තුළ අලෙවි වූ සතුන් අතර කිනිතුල්ලන් නිසා ඇතිවෙන රෝගී තත්ත්වයක් වාර්තා වෙලා තියෙනවා කියලා.

ඒ නිසාම මෙහි අලෙවි වන සතුන් ගැන දැඩි නිරික්ෂණයකට ලක් කරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහටයි මේ වවුලන් සහ කබල්ලෑවන් අලෙවි නොවී තිබුණු බවත් ඔවුන් සොයාගෙන තිබුණා. මුලදී මෙම රෝගය වවුලන්ගෙන් හෝ කබල්ලෑවන්ගෙන් ව්‍යාප්ත වූ බවට තිබුණු මතය මෙම පරික්ෂණ වාර්තාව එළි දැක්වීමත් සමඟ දැඩි ප්‍රශ්නකාරී දෙයක් බවට පත්වෙලා තියෙනවා.

මේ වාර්තාව සමඟ හෙළි වුණු තවත් කරුණු

මෙම පරික්ෂණය මෙහෙය වූ මහාචාර්ය ඩේවිඩ් මැක්ඩොනල්ඩ් විසින් සඳහන් කර සිටින්නේ මධ්‍යම චීනය තුළ වවුලන් මස් පිණිස භාවිත කරන්නේ ඉතාමත් අඩුවෙන් බවයි. වුහාන් වෙළෙඳපොළේ ලෙසින් සංසරණය වූ බොහෝ ඡායාරූප ඉන්දුනීසියාවේ මස් වෙළෙඳපොළක ඒවා බවද මහාචාර්යතුමා සඳහන් කර තිබුණා. 

වෛරසය ව්‍යාප්ත වූ බවට මුලිකවම සැක කළ කබල්ලෑවන් ද චීනයේ අනෙකුත් ප්‍රාන්තවල අලෙවි වුණත් වුහාන් වෙළෙඳපොළ තුළ අලෙවි නොවන බවත් ඔහු පවසා සිටිනවා. වුහාන් වෙළෙඳපොළ ඔවුන් කළ නිරික්ෂණයන්ගෙන් හෙළිව තිබුණේ සත්ව විශේෂ 38ක අයත් සතුන් 47,381ක් මෙම වෙළෙඳපොළ සිටි ඇති බවයි. මෙම සතුන් කිසිදු සෞඛ්‍යාරක්ෂිත හෝ ආරක්ෂාකාරී ලෙස තබා නොතිබුණු බවද සඳහන් වෙනවා මෙම සතුන්ගේ සුරතල් සතුන් ලෙස හෝ ඉල්ලුමට සරිලන ආකාරය මස් පිණිස හෝ මරා අලෙවි කරන බවද සඳහන් වෙනවා.

කොරෝනා මුලාරම්භය පිළිබඳව බලවත් රටවලින් පරික්ෂණ

කොරෝනා වෛරසයේ මුලාරම්භය සෙවීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සහ මහා බ්‍රිතාන්‍ය විසින් ද මේ වන විට බුද්ධි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

 ඔවුන් විසින් මෙම මෙහෙයුම් දියත් කරන්නේ කොරෝනා වෛරසය චීනයේ වුහාන්වල පිහිටි වෛරස් අධ්‍යයනය ආයතනයේ සිදු වූ කාන්දුවක් හේතුවෙන් ලෝකයට ව්‍යාප්ත වුණාද යන්න සෙවීම සඳහායි.

Rate this item
(2 votes)
Last modified on Thursday, 10 June 2021 12:42