May 12, 2024

දරුණු අනතුරක්! පාකිස්තානයේ දුම්රිය සියල්ල නවතියි!

දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් දරුණු අනතුරක් සිදු වී ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරනවා.

අධිවේගී දුම්රිය දෙකක් මෙලෙස එකිනෙක ගැටී ඇති බවයි පැවසෙන්නේ. පාකිස්තානයේ ඝෝට්කි දිස්ත්‍රික්කයේ මෙය සිදුව ඇති බව සඳහන්.

අනතුරින් මේවන විට පුද්ගලයින් 25ක් වත් මරණයට පත්ව ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මියගිය ගණන තවදුරටත් වැඩි විය හැකි බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

සිද්ධිය ඇසින් දුටු පොලිස් නිලධාරියෙකු පවසා ඇත්තේ අධික වේගයෙන් ධාවනය වූ එක් දුම්රියක් පීලි පැන අනෙක් පසින් පැමිණි දුම්රියේ මුහුණට මුහුණ ගැටුණු බවයි.

ගලවා ගැනීමේ කණ්ඩායම් සහ අනෙකුත් අංශ මේවන විටත් එම ස්ථානයේ ක්‍රියාන්විතයකට එක්ව ඇති බව වාර්තා වුණා.

එමෙන්ම මෙම අනතුරත් සමග පාකිස්තානය පුරා දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ද එරට බලධාරීන් ක්‍රියා කර තිබෙනවා.

Rate this item
(4 votes)
Last modified on Monday, 07 June 2021 09:06