May 04, 2024

“මුහුදු සොටුවලින්” තුර්කියේ වෙරළ වැසී යයි (VIDEO)

“මුහුදු සොටු” හෙවත් මුහුදු ශ්ලේෂ්මල විසින් තුර්කියේ මර්මාරා මුහුදු තීරය මේ වන විට වැසී ගොස් තිබෙනවා.

තුර්කි ජනාධිපතිවරයා විසින් මෙම ශ්ලේෂ්මල ඉවත් කිරීම සඳහා ගත හැකි සියලු පියවර ගැනීමට සුදානම් බවත්  ප්‍රකාශ කර සිටියා.

මෙම මුහුදු සොටු නැතිනම් මුහුදු ශ්ලේෂ්මල නිර්මාණය වන්නේ සාගරයේ ජීවත් වන ජලජ ජීවින් වන ඇල්ගීවල ක්‍රියාකාරීත්වය නිසා මෙම ශ්ලේෂ්මල නිර්මාණය වෙයි. ඇල්ගී විසින් මෙම ශ්ලේෂ්මල නිර්මාණය කිරීමට සාගර දූෂණය, ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම වැනි කාරණා බලපාන බවද සඳහන් වෙනවා.

අළු පැහැති මෙම ශ්ලේෂ්මල සිහින් ආවරණයක් සාගර ජල මතුපිට නිර්මාණය කර ඇති අතර වසර 40ක් පුරාවට තුර්කියේ තිබූ සාගර දුෂණ ක්‍රියාවලිය නිසා මෙම තත්ත්වය ඇතිව තිබේ.

මිලියන 16ක් පමණ ජීවත් වන තුර්කියේ ඉස්තාන්බූල් නගරයේ සහ තවත් පළාත් පහකට අයත් නිවාස කර්මාන්ත ශාලා ඇතුළු බොහෝ තැන්වල අපද්‍රව්‍ය මෙම මර්මාරා සාගර කලාපයට එකතු වන බවට වාර්තා වෙනවා.

තුර්කිය තුළ මෙම තත්ත්වයන් මීට පෙර වාර්තා වෙලා තිබුණත් මෙවර එය පෙර නොවූවිරූ තත්ත්වයකට පත්ව තිබෙනවා.

තුර්කි ජනාධිපතිවරයා වන රිසෙප් ටයිප් අර්ඩොෂාන් විසින් මාධ්‍ය අමතමින් පවසා තිබුණේ වෙරළ තීරය පෙර තිබූ තත්ත්වයට ගැනීම සඳහා පරිසර ක්‍රියාකාරී, විශේෂඥයින්, සරසවි සිසුන් ඇතුළු පිරිසකගේ සහාය ඇතිව කළ හැකි සියලු කටයුතු කරනවා කියලයි.

මෙලෙස මුහුදු සොටුවලින් වැසී ගිය මර්මාරා වෙරළ තීරයේ වීඩියෝ දර්ශන පහතින්,

Rate this item
(0 votes)