April 23, 2024

මුහුදු කොල්ලකරුවන් පිරිසක් තුර්කි භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පැහැර ගනී

තුර්කියට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් නයිජිරීයාවට ආසන්න සාගරයේ දී මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් පැහැරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙහිදී නැවියන් 15 දෙනෙකු මුහුදු කොල්ලකරුවන් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වන අතර කොල්ලකරුවන් නැවට පහර දෙන අවස්ථාවේ සිදු වූ ගැටුමේ ී අසර්බයිජාන් ජාතිකයෙකු මිය ගොස් ඇති බවට වාර්තා වෙයි.ෙ

පැහැර ගත් සියලු දෙනා තුර්කි ජාතිකයන් වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ වන විටත් පැහැර ගත් නැවේ පිරිස බේරා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන බවත් තුර්කි ජනාධිපතිවරයා විසින් පවසා තිබේ.

Rate this item
(0 votes)