May 22, 2024

තවත් අති දුර්ලභ වෛරසයක් චීනයෙන් - ආසාදනය වූ විදිහක් හෙළි නොකරයි : තවත් වසංගත අවදානමක්ද?

චීනය තුළ අතිශයෙන් දුර්ලභ වන කුරුළු උණ රෝගයක් වැළැඳුණු පුද්ගලයෙකු වාර්තා වී තිබේ. 

මෙම පුද්ගලයාට වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳව චීනය විසින් කිසිදු ආකාරයක් තොරතුරු ඉදිරිපත් නොකර ඇති නමුත් මෙම මිනිසාට වැළැඳී ඇත්තේ H10N3 කියන වෛරස් කාණ්ඩය බව හෙළිව තිබේ.

ජියැන්ග්සු පළාතේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා විසින් කුරුළු ගොවිපොළක් පවත්වාගෙන යන අතර මෙම රෝගය ව්‍යාප්ත වන්නේ කුරුළු මස් හා ඒ ආශ්‍රිතව සිටින පුද්ගලයින්ට බව සඳහන්. 

මෙම වෛරස් රෝගය කලාතුරකින් වාර්තා වන රෝගයක් ලෙසද වාර්තා වෙයි. මෙය මිනිසාගෙන් මිනිසාට ව්‍යාප්ත වූ බවට මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

මෙම වෛරසය ආසාදනය වූ 41 පුද්ගලයා මේ වන විට සුවය ලබා ඇති බවත් ඔහු රෝහෙලන් පිටව ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව තිබුණේ පසුගිය අප්‍රේල් මාසයේ 28 වැනිදා බවද වාර්තා වෙයි.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම විසින් ග්ලෝබල් ටයිම්ස් වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පවසා තිබුණේ H10N3 හි කිසිදු මිනිස් රෝගයක් ලෝකයේ වාර්තා වී නොමැති බවත් මෙම රෝගය ඉඳහිට කුකුළු ගොවිපොළවල සිටින මිනිසුන්ට හට පමණක් විශේෂයෙන් සම්ප්‍රේෂණය වන රෝගයක් බවයි. එමෙන්ම එය මහා පරිමාණයෙන් පැතිරීමේ අවදානම අතිශයින් අඩු බවයි.

Rate this item
(0 votes)