May 02, 2024

උගන්ඩාවේ මිනිස් බිලි දීම්වලට එරෙහිව පළමුවරට නීති හදයි

උගන්ඩාවේ පාර්ලිමේන්තුව විසින් මිනිස් බිලිදීම් අපරාධයක් ලෙස සැලකීමත් සහ එවැනි සිදුවීම්වලට සම්බන්ධ වරදකරුවන් හට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දීමේ පනතක් සම්මත කර තිබේ.

මෙම පනත සම්මත වන තෙක්, රටේ නීති මගින් මිනිස් පරිත්‍යාගයේ අපරාධ සඳහා විධිවිධාන සලසා නැති අතර, එවැනි වැරදිවලට ​​වසර ගණනාවක් තිස්සේ මිනීමැරුම් හෝ වෙනත් වැරදි ලෙස නඩු පවරා ඇත.

මානව පරිත්‍යාගයන් වැළැක්වීම සහ තහනම් කිරීමේ පනත් කෙටුම්පත 2020 - මිනිස් පරිත්‍යාගයක් කිරීම හෝ භාවිතයට මුදල් යෙදවීම සම්බන්ධයෙන් වැරදිකරුවකු වූ පුද්ගලයෙකුට  මෙම නව පනත හරහා මරණ දඬුවම් ලබා දීමට හැකි වන ලෙස සංශෝධනයන් සම්මත කර තිබේ.

මිනිස් කොටස් සන්තකයේ තබා ගැනීම, විකිණීම, ඖෂධ ලෙස භාවිතය හෝ පුද්ගලික භාවිතය සඳහා යොදා ගැනීමද මෙහිදී අපරාධ ලෙස සඳහන් කොට ඇති අතර වරදට වරදකරු වූ පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වෙයි.

මූල්‍යමය වාසි තකා මිනිස් පරිත්‍යාගය පිළිබඳ විශ්වාසය පතුරවන ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම චාරිත්‍රයක් සඳහා මිනිස් සිරුරක් භාවිතා කිරීමට දිරිගැන්වීම හෝ එවැනි කටයුත්තක් සඳහා ඒත්තු ගැන්වීම මතද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදිය හැකිය.

මිනිස් බිලිදීම සම්බන්ධයෙන් හදිසියේ නීති සම්පාදනය කිරීමට සිදුවී තිබුණේ එරට ළමුන් ඝාතනය ඉහළ යෑම වැනි බොහෝ අපරාධයන් වාර්තා වීමත් සමඟයි.

මෙම නව පනත නීතිගත කිරීමට උපකාරී වූ උගන්ඩාවේ වර්ල්ඩ් විෂන් හි සහකාර අධ්‍යක්ෂවරියක් වන අයිරින් කගෝයා කියා සිටියේ මෙම ගැටළුව සමාජයේ “ඉතා සුලභ” සහ “ගැඹුරට මුල් බැස ඇති” බවයි. එබැවින් එය සංඛ්‍යා ලේඛනවලට දමා ගෙනහැර දැක්වීමට තරම් අපහසු බවද ඇය සඳහන් කළාය.

ජනාධිපතිවරයා එයට එකඟ වූ වහාම පනත නීතියක් බවට පත්වනු ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)