April 19, 2024

ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාරයකින් කම්පාලා නුවර කම්පා වෙයි (VIDEO)

November 16, 2021

උගන්ඩාවේ කම්පාලා අගනුවරට ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා.

ප්‍රබල බෝම්බ ප්‍රහාර තුනක් මෙහි දී එල්ල වී ඇති බව යි එරටින් ලැබෙන පුවත් වාර්තා සඳහන් කරන්නේ.

මෙම ප්‍රහාර තුනම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් බව මේවන විට අනාවරණය වී තිබෙනවා.

(ඡායාරූප සහ වීඩියෝ මෙම සටහන අවසානයේ)

ප්‍රහාර මාලාවෙන් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු හෝ මරණයට පත්ව ඇති බව සඳහන්.

තුවාළ ලැබූවන්ගේ ගණන 30 ඉක්මවන බවයි වාර්තා වන්නේ.

ඉන් 05 දෙනෙකු පමණ බරපතළ තත්ත්වයේ පසුවන බව ද පුවත් වාර්තා සඳහන් කරනවා.

කෙසේ වෙතත් මරණ ගණන සහ තුවාළ ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් වාර්තා පවසනවා.

මාසයක පමණ කාලයක් තිස්සේ කම්පාලා නුවර ත්‍රස්ත බියට යට වී පැවැති අතර මෑත කාලයේ සිදු වූ දරුණුතම පිපිරීම් මාලාව මෙය බව සඳහන්.

පළමු ප්‍රහාරයේ ඉලක්කය වී ඇත්තේ කම්පාලා මධ්‍යම පොලිස් මූලස්ථානය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ෆ්‍රෙඩ් එනන්ගා මහතා පවසා සිටියා.

එම ප්‍රහාරයට එක් ත්‍රස්තයෙකු පැමිණ ඇති අතර දෙවැනි ප්‍රහාරය උගන්ඩා පාර්ලිමේන්තුව ඉතා ආසන්නව  එල්ල වී ඇති බව යි ඔහු සඳහන් කරන්නේ.

එම ප්‍රහාරය සඳහා ත්‍රස්තයන් දෙදෙනෙකු පැමිණ ඇති අතර ඔවුන් දෙදෙනාම බෝම්බ පුපුරවාගෙන තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණ ඇති ඔවුන් දෙදෙනා එහි ගමන් ගන්නා අතරතුරදීම බෝම්බ පුපුරවාගත් බව සිද්ධිය ඇසින් දුටුවන් උපුටා දක්වන උගන්ඩා මාධ්‍ය සඳහන් කළා.

එමෙන්ම තවත් ත්‍රස්තයෙකු ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ ගත් නමුත් පොලිස් වෙඩි ප්‍රහාර හමුවේ එය ව්‍යර්ථ වී ඇති බවත්, ඔහු වෙඩි වැදී තුවාළ ලබා ඇති බවත් පුවත් ආරංචි මාර්ග පැවසුවා.

ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්දැයි මේවන තෙක් නිශ්චිතව අනාවරණය වී නැති බව උගන්ඩා පොලීසිය පවසන අතර ප්‍රහාරයේ වගකීම භාර ගැනීමට ද කිසිදු ත්‍රස්ත සංවිධානයක් මෙතෙක් ඉදිරිපත් වී නැහැ.

කෙසේ වෙතත් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී බලකාය හෙවත් ADF නමින් හැඳින්වෙන ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත සංවිධානය මෙය පිටුපස සිටින බවටයි උගන්ඩා ආරක්ෂක අංශ සැක පළ කරන්නේ.

ADF යනු උගන්ඩාවේ සහ කොංගෝවේ ක්‍රියාත්මක ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයක්වන අතර ඔවුන් ISIS හෙවත් ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්ත සංවිධානයේ මධ්‍යම අප්‍රිකානු ඒකකය සමග සමීප සබඳතා පවත්වන බව පැවසෙනවා.

මේ අතර ප්‍රහාර මාලාව සිදුවූ ප්‍රදේශයේ තවත් බෝම්බ පවතින්නේදැයි මේවන විට පරීක්ෂා කරමින් සිටින බව වාර්තා වෙනවා.

UPDATE: රටක් සලිත කළ ප්‍රහාරයේ CCTV දර්ශන මාධ්‍යට නිකුත් කෙරේ (VIDEO)

https://pbs.twimg.com/media/FEUb84-WQAIz99H?format=jpg&name=4096x4096

https://pbs.twimg.com/media/FEUmp1TXEAENQZj?format=jpg&name=4096x4096

https://pbs.twimg.com/media/FEUb84dX0AAWmQG?format=jpg&name=4096x4096

https://pbs.twimg.com/media/FEUb84hXIAEYfbP?format=jpg&name=4096x4096

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 17 November 2021 09:15