May 05, 2024

අගමැති මෝදිට ජනතාව එපා නොකියන්නම සලකයි - බටහිර බෙංගාලයෙන් කුජීතම කරයි

ඉන්දියාවේ ප්‍රාන්ත පහක පැවති මැතිවරණ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් තිබේ.

බටහිර බෙංගාලය, තමිල්නාඩුව, කේරලය ඇසෑමය සහ පුඩුචේරි යන ප්‍රාන්තවල පැවැති මැතිවරණයේ ප්‍රතිඵල වලට අනුව පාලක නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ජය ගෙන තිබෙන්නේ ඇසෑමයේ පමණි.

විශේෂයෙන්ම බටහිර බෙංගාලයේ ප්‍රාන්ත මැතිවරණය ජය ගැනීම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නායකත්වය දෙන භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධාන ඉලක්කය විය.

ආසන්න 294 කින් යුත් බටහිර බෙංගාල පාර්ලිමේන්තුවේ ආසන 200 කට වඩා ගන්නා බව භාරතීය ජනතා පක්ෂය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිවරණ සමයේ වැඩිපුරම කාලය ගත කරන ලද්දේද බටහිර බෙංගාල ප්‍රාන්තයේය.

මමතා බැනර්ජී ගේ නායකත්වයෙන් යුත් ත්‍රිනමුල් කොංග්‍රසය පරාජය කිරීමේ ප්‍රබල ඉලක්කයක සිටී භාරතීය ජනතා පක්ෂය ද මේ වන විට අන්ත පරාජයක් හිමිව තිබේ.

ත්‍රිනමුල් කොංග්‍රසය මේ වන විට ආසන 205ක් ලබාගෙන ඇති අතර 2016 ප්‍රාන්ත මැතිවරණයට වඩා ආසන 42ක් ජයග්‍රහණය කොට තිබේ.

පාලක භාරතීය ජනතා පක්ෂය ආසන 84 ක් ලබාගෙන ඇති අතර එය 2016 ප්‍රාන්ත මැතිවරණය ලබාගත් ආසන සංඛ්‍යාව සංඛ්‍යාවට වඩා ආසන 37 ක අඩුවීමකි.

තමිල්නාඩු ප්‍රාන්තයට භාරතීය ජනතා පක්ෂය තරග නොකළ අතර කේරළ ප්‍රාන්තයේ ආසන 140 අතරින් ලබාගෙන තිබෙන්නේ ආසන 3 ක් පමණි.

2016 ප්‍රාන්ත මැතිවරණයේදී එම ප්‍රාන්තයෙන් ආසන 12ක් භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කොට තිබිණි.

ඇසෑම් ප්‍රාන්තයේ ආසන 126 අතුරින් ආසන 77 ක් ලබා ගනිමින් භාරතීය ජනතා පක්ෂය එම ප්‍රාන්තයේ පමණක් ජයග්‍රහණය කොට තිබේ.

2016 ප්‍රාන්ත මැතිවරණයට වඩා එම ප්‍රාන්තයේද එක් ආසනයක අඩුවීමක් පෙන්නුම් කරයි.

මෙම ප්‍රාන්ත මැතිවරණ 5 ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජනප්‍රියත්වය උරගා බැලීමේ අවස්ථාවක් ලෙස ඉන්දීය මාධ්‍ය හඳුන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 02 May 2021 14:18