May 04, 2024

මෝදිගේ ට්ව්ටර් ගිණුමට හැකර් ප්‍රහාරයක්

December 12, 2021

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පුද්ගලික ට්විටර් ගිණුමට කිසියම් පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුළු වී තිබෙනවා.

අද (12) අලුයම එම ගිණුම හරහා ක්‍රිප්ටො කරන්සි නැමැති මුදල් ඒකකය පිළිබඳ පණිවිඩයක් මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

බිට්කොයින් නිල වශයෙන් පිළිගැනීමට ඉන්දියාව තීරණය කර ඇති බව පවසමින් එහි පණිවියක් සඳහන් කර තිබෙනවා.

ඒවා ඉන්දීය ජනතාව අතර බෙදාදීමට ද රජය තීරණය කර ඇති බවයි එම ව්‍යාජ ට්විටර් පණිවිඩය මගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ.

කෙසේවෙතත් ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මේ සම්බන්ධයෙන් ට්විටර් සමාගම දැනුවත් කිරීමට කටයුතු කර තිබුණා.

අනතුරුව එම ව්‍යාජ පුවත් ඉවත් කර ඇති අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ට්විටර් ගිණුම මේවනවිට සුරක්ෂිත කර ඇති බවයි ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කර ඇත්තේ.

නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ගිණුම පාලනයෙන් ගිලිහී තිබූ කාලය තුළ ඒ හරහා නිකුත් කර ඇති ට්විටර් පණිවිඩ නොසලකා හරින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.

Rate this item
(0 votes)